Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමෙරිකාවේ ප්‍රාන්න රැසක ජනතාවට අනතුරු ඇඟවීමක්

අමෙරිකාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ පහක් වාර්තා වී තිබේ. අධික හිම පතනයත් සමග සිදුව ඇති අනතුරු හේතුවෙන් මෙම ජීවිත හානි වාර්තා වී ඇත.
 
එසේම තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
මේ අතර අමෙරිකාවේ මධ්‍යම සහ බටහිර ප්‍රාන්තයන් හි ජිවත්වන ජනතාවට හැකි තරම් නිවෙස් තුලට වී කාලය ගත කරන ලෙස එරට කාලගුණ අංශ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ආක්ටික් කලාපය හරහා හමා ආ දරුණු සිතල සහිත සුළං ප්‍රවාහයක් හේතුවෙන් ඇතිවූ බලපෑම් හේතුවෙන් එරට උෂ්ණත්වය වාර්තාගත ලෙස පහත වැටීම හේතුවෙනි.
 
ඇතිවී තිබෙන දරුණු සිතල හේතුවෙන් චිකාගෝ ඇතුළු ප්‍රාන්ත රැසක ජන ජිවිතයන්ට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. 
 
අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තයන් හි උෂ්ණත්වය සෘණ සෙල්සියන් අංශක 30ක් දක්වා පහත වැටී ඇති බව කාලගුණ අංශ නිවේදනය කරයි. ඇතිවී තිබෙන සිතල හේතුවෙන් අමෙරිකාවේ මිලියන 250ක ජනතාවට බලපෑම් එල්ල වී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();