Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බලවේග රැසක් සමඟ මහා සන්ධානයක් ළඟදීම එනවා

ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කරනු ලබන්නේ ප්‍රගතිශීලී බලවේග රැසක් සමඟ එක්ව මහා සන්ධානයකින් බවත් එම බලවේගය තව මාස 1 1/2ක් ඇතුළත රටට හෙළිකිරීම පිළිබඳ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පක්‍ෂ නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මෙම මහා සන්ධානයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් තව මාස 1 1/2ක් තුළ සන්ධානගත වන බවත් එම සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡාද මේ වන විට ආරම්භ කර තිබෙන බවත් නානායක්කාර මහතා පැවැසීය. එම සන්ධානය පිහිටුවීමෙන් අනතුරුව මහා සන්ධානය පිහිටුවීම සඳහා ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ඊ.පී.ඩී.පී. සංවිධානය ඇතුළු දේශපාලන පක්‍ෂ කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කරන බවද ඒ මහතා සඳහන් කළේය.

මහා සන්ධානයේ නම, ව්‍යුහය, වැඩ පිළිවෙළ, ලාංඡනය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡා සිදුවෙන බවත් කී නානායක්කාර මහතා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ 29 වැනිදා රාත්‍රි විජේරාම නිල නිවෙසේ පැවැති සාකච්ඡාවට බැසිල් රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, කුමාර වෙල්ගම, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්‍ෂ නායකයන් සහ නියෝජිතයන් සහභාගි වූ බවද කීය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();