Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කඩවතින් තවත් තවත් පුංචි තරුවක් පායයි.

nawodya_lnc
කඩවත ඇල්දෙනියේ පදිංචි නවෝද්‍යා හංසිකාවී  දැරිය දැනට JMC ජාත්‍යන්තර පාසලේ කිරිබත්ගොඩ ශාඛාවේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
ඇය  පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු 2018 සමස්තලංකා පාසල් කරාතේ ශුරතාවලියේ වයස අවරුදු 14න් පහළ කාතා ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් අතර 2018 ජාතික කරාතේ ශුරතවලියේදී වයස අවරුදු 12න් පහළ කාතා ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තාය. එමෙන්ම 2018 වසරේ පැවැත්වුණු  ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ කරාතේ තරගාවලි වලින් රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 3ක් හා ලෝකඩ පදක්කම් 5ක් ඇතුළුව පදක්කම් 16ක් දිනාගැනීමට සමත්වූ මෙම ක්‍රීඩිකාව ඉදිරියේදී ජාත්‍යන්තර තරග වලින් ශ්‍රී ලකාවට ජයග්‍රහණයන් ගෙනඒමට හැකියාව ඇති දක්ෂ ක්‍රීඩිකාවක් බව කිවයුතුය.
ඇය Super Fighter කරාටේ පාසලේ ප්‍රධාන කරාතේ උපදේශක සෙන්සේ වසන්ත සෙනෙවිරත්න මහතා හා සෙන්සේ කුමුදු ප්‍රියංකා මහත්මිය යටතේ පුහුණුවීම් කටයුතු කරන අතර තමා ලද මෙම ජයග්‍රහ පසුපස ඔවුන් සිටින බවත් ඔවුන්ට තම ස්තුතිය පුදන බවත් නවෝද්‍යා  ක්‍රීඩිකාව පැවසිය. Super Fighter කරාතේ පාසැල  Shithoryu Shukokai  ශ්‍රී ලංකා ශාකාව යටතේ ක්‍රියාත්මක වන අතර සෙන්සේ ලක්ෂ්මන් සපරමාදු මහතා එහි ප්‍රධාන උපදේශකවරයා වශයෙන් කටයුතු කරයි.
මෙම ක්‍රීඩිකාවගේ දක්ෂතා වැඩි දියුණු කර ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවක් බිහිකර අනාගතයේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනඒම සදහා කටයුතු කිරීම  ක්‍රීඩා බලධාරීන්ගේ හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ වගකීම බව අපගේ හැගීමයි.
කෙසේවෙතත් දුෂ්කරතා මද්‍යයේ ක්‍රීඩා කටයුතු කරන නවෝද්‍යා ගේ ඉදිරි ගමන සාර්ථකවී රටට කීර්තියක් ගෙනඒමට ශක්තිය ලැබේවායි LNC අපි සුබපතමු.

The post කඩවතින් තවත් තවත් පුංචි තරුවක් පායයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();