Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වායු දූෂණය නිසා තායිලන්තයේ පාසල් 400ක් වැසේ

වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ බැංකොක් හි පාසැල් 400ක් පමණ වසා දමා තිබේ. 
 
බැංකොක් හි වායු දූෂණය මෙතෙක් නොවූ අයුරින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 
 
විශේෂයෙන් මේ තත්ත්වය කර්මාන්තශාලා වලින් පිටවන දුම්, වාහන වලින් පිටවන දුම් බෝග කොටස් දහනය කිරීම, ඉදිකිරීම් වැඩබිමි වලින් විශාල වශයෙන් පිටවන දුම් ආදිය හේතුවෙන් ඇති වූ බව බලධාරීහු අවධාරණය කරති. 
 
වාතය පිරිසුදු කිරීම සඳහා බලධාරීන් දැරූ උත්සාහයන් සියල්ල ව්‍යර්ත වී ඇති බව ඔවුන් සඳහන් කරයි. මෙම 
තත්ත්වය යම් තාක් දුරට පාලනය කර ගැනීම සඳහා ඉදිරියේ සැමරෙන අවුරුදු සැමරුම් සඳහා ගිලි කෙළි හා හඳුන්කූරු නොදල්වන ලෙස දැනුම් දෙයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();