Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළක්

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගොවි සහන ණය ක්‍රමයෙන් ලක්ෂ 7500ක්

ගොවි සහන ණය යෝජනා ක්‍රම මඟින් ලක්ෂ 7500 දක්වා විවිධ මට්ටමේ ණය ගොවීනට ලබා දී ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ අරම්භ වී ඇතැයි මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා කියයි.

මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගොවි සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ උත්සවයට එක් වෙමිනි. දඹුල්ල පිරිවෙන වැව භූමියේ දී මෙම උත්සවය පෙරේදා (28) දා පැවැත්විණි. අැමැතිවරයා එහි දී මෙසේ ද පැවැසීය. මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසු යැයි ප්‍රචලිතව තිබුණ ද ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ ආරම්භ කෙළේ වත්මන් ආණ්ඩුවයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ගොවි ජනතාව පමණක් නොව ක්ෂේත්‍ර රැසක පිරිසක් වෙත ව්‍යවසායකත්වය කරා පිවිසීමේ අවස්ථාව උදාකර දී තිබෙනවා.

ව්‍යවසායකත්ය යනු ශ්‍රී ලාංකිකයන්ට අලුතෙන් කියා දීමට අවශ්‍ය දෙයක් නොවේ. අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයෝ දක්ෂ ව්‍යවසායකයෝ ය. දිවයිනේ විවිධ ප්‍රදේශවල කර ඇති කැණීම්වලින් හමුව ඇති චීන, ඊජිප්තු, පර්සියන් කාසි වර්ග ඊට උදාහරණ දක්වයි. වත්මන් ආණ්ඩුව එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙළේ ඒ අතීතය යළිත් ලක් දෙරණ මත යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණිනි. අද අප මේ අරම්භ කරන්නට වූ ගොවි සහන ණය යෝජනා ක්‍රම මඟින් ලක්ෂ 7500 දක්වා විවිධ මට්ටමේ ණය ලබා දෙනු ලබනවා. පොලිය සාමාන්‍ය පොලී අනුපාතයෙන් අඩකි. උපාධිධාරීන්ට ණය ලබා දෙනු ලබන්නේ පොලිය අය කිරීමකින් තොරව යි.

2019 වසර ආරම්භ වන්නේ පැවැති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය තවත් පුළුල් කරමින්. මීට පෙර ක්‍රියාත්මක වූ ණය යෝජනා ක්‍රමවලට අමතරව නව ණය වර්ග කිහිපයක් ම අලුතින් හඳුන්වා දී තිබෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ ම නිවාසක් සාදා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 100ක උපරිම ණය මුදලක් ලබා දීම එක් නව ණය යෝජනා ක්‍රමයක්. පවතින් පොලී අනුපාතයෙන් 50%ක පොලී අනුපාතිකයක් යටතේ අදාළ ණය මුදල ලබා දෙනු ලබන්නේ ණය ගෙවීම සඳහා වසරක සහන කාලයක් ද සමගිනි.

මීට අමතරව පෞද්ගලික අංශයට සුඛෝපභෝගී බස් රථ ආනයනය සඳහා සේම ත්‍රීරෝද රථවලින් කුඩා මෝටර් රථවලට මාරුවන පිරිසකට සහන ලබා දීම සඳහා ද ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක ය.

අනපේක්ෂිත මොහොතක වූ දේශපාලන අර්බුදය හේතුවෙන් යම් පසුබෑමකට ලක් වුව ද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යළි ආරම්භ කරමින් වඩාත් කාර්යයක්ෂමව ඉදිරියට රැගෙන යාම දැන් ආරම්භ වී ඇත. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සහ ගැටලු විසඳීම සඳහා ක්‍රියාත්මක කර තිබූ 1925 ගාස්තු රහිත ඍජු දුරකතන අංකය පෙබරවාරි මස 1 වැනි දා සිට නැවත ක්‍රියාත්මක කරන බව ද අැමැතිවරයා වැඩි දුරටත් පැවැසීය.

මෙහි දී ගොවි ජනතාව වෙත සංකේතවත්ව සහන ණය ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

පී. හැරිසන්, ඉරාන් වික්‍රමරත්න, වසන්ත අළුවිහාරේ, රෝහිණී කවිරත්න යන මැති ඇමැතිවරු පිරිසක් එක්ව සිටියහ. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්.දේශප්‍රිය ඇතුළු මුදල් අමාත්‍යාංශ නියෝජිත පිරිසක් සහ ගොවි ජනතාව ගොවි ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();