Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේශීය ආයෝජකයන්ට ඉඩ දෙන්න විදේශ ආයෝජනයන්ට සීමා

Author(s): 
ජයසිරි මුණසිංහ

- ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩලය

දේශීය ආයෝජකයින්ට වැඩි ඉඩක් ලබාදීමේ අරමුණින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල විදේශ ආයෝජන සීමාව සියයට 10 සිට සියයට 5 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට ඇත.

විදේශිකයින් මෙරටට විදේශ මුදල් වර්ග ගෙනවිත්, ඒවා ශ්‍රී ලංකා රුපියල් බවට හුවමාරු කළ දේශීය අරමුදල් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ වැඩි උනන්දුවක් හා නව ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ලැබේ.

මුදල් මණ්ඩලය ගනු ලැබූ නව තීරණයත් සමඟ විදේශිකයින්ගේ ආයෝජනවලට දැඩි බලපෑමක් එල්ල නොවනු ඇත. එනමුත් දේශීය ආයෝජකයින්ට දේශීය අරමුදල් වෙළෙඳ පොළේ මුළු වටිනාකමින් සියයට 95කට ආයෝජන සිදු කිරීමට මින් අවස්ථාව උදාවන බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු “දිනමිණ” විමැසීමකදී ප්‍රකාශ කෙළේ ය.

දැනට විදේශ ආයෝජන ලෙස දේශීය අරමුදල් වෙළෙඳපොළේ සියයට 03කට කිට්ටු ආයෝජනයක් වාර්තා වේ. මේ ප්‍රමාණය තවත් සියයට 02කින් වැඩි කිරීමට මහ බැංකුව ඉඩහැර ඇත. ඒ අනුව මේ වනවිට රුපියල් මිලියන 828 ක ආයෝජන වාර්තා වේ.

එය මුළු ආයෝජනවලට සාපේක්ෂව සියයට 2.85ක් තරම් වේ. තවත් රුපියල් මිලියන 625 ක තරම් මුදලක් විදේශ ආයෝජකයින්ට ආයෝජනය කිරීමට අවස්ථාව ඇති බවද එම නිලධාරියා සඳහන් කළේ ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();