Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වත්කම් සඟවන බලවතුන් අල්ලන්න අල්ලස් පනත බලගන්වයි

Author(s): 
විජයානි එදිරිසිංහ

මහා පරිමාණයෙන් අල්ලස් සහ දුෂණවල යෙදී සිට සිය වත්කම් සඟවාගෙන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව ඉදිරියේ පරීක්ෂණයට භාජනය වු සුපිරි බලවතුන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා අල්ලස් දැලට කොටු කැර ගැනීමේ බලය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට ලැබී තිබේ.

මේ කටයුතුවලට මඟ පැදුනේ අල්ලස් පනතේ තවත් ප්‍රබල සංශෝධනයක් සිදු වී මෙතෙක් ඉතිහාසයේ කිසි කලෙක අල්ලස් පනතට නොලැබුණ බලයක් ලැබුණු නිසාය.

එම කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපති විමර්ශන සභා පනත වු මෙම පනත සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබු අතර පසුගිය දා එම පනත සම්මත වු බවයි. ඒ අනුව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවට

ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ විභාග වන පරික්ෂණවල පැමිණිලි හෝ සාක්කිවලින් අදාළ අල්ලස් සිද්ධින්වලට සම්බන්ධ පුද්ගලයන්ට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබි නැතත් ස්වාධිනව හෝ එම කරුණු අදාළ කරගෙන පරීක්ෂණයක් ආරම්භ කිරීමටත් එම පුද්ගලයා සම්බන්ධයෙන් අල්ලස් දුෂණ හෝ වත්කම් සම්බන්ධව පරීක්ෂණ පවත්වා ඔහු යම් වරදක් සිදු කර ඇති බව ඔප්පු වුවහොත් ඔහු සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනිමේ බලය මෙම පනත යටතේ ලැබී තිබේ. අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ යල්පැන ගිය පනත් ගණනාවක් සංශෝධනයට ලක් වෙමින් පවතින අතර මේ වන විට මෙතෙක් කාලයක් පනතේ විවිධ දුර්වලතා ඔස්සේ නීතියෙන් නියමිත දඩුවම් හිමි නොවු පුද්ගලයන්ට මෙම සංශෝධන ඔස්සේ නියමිත දඩුවම් හිමි වෙයි.

ජනාධිපති විමර්ශන කොමිසන් සභාව ඉදිරියේදි පසුගිය කාලයේදි රජයේ ඇතැම් නිලධාරීන් සිදු කරනු ලබන මහා පරිමාණ දුෂණ වංචා සහ අල්ලස් සහ හිටි හැටියේ කෝටි ගණන් උපයා එම වත්කම්වලට අදාළ පරීක්ෂණ සිදු කෙරිණි.

ජනාධිපති විමර්ශන කොමිසන සභාවට ඉදිරිපත් වී විභාග වන මෙම විමර්ශන සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට කටයුතු කිරීමේ බලයක් තිබුණේ නැත. එහෙත් අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ජයමාන්න මහතා පෙන්වා දෙන්නේ නව සංශෝෙධනය අනුව අල්ලස් කොමිසමට එම විමර්ශන සම්බන්ධයෙන් අවධානය යොමු කැර එහි දී අල්ලසට දුෂණයට හෝ වත්කම්වලට අදාළ පරීක්ෂණ සිදු වෙයි නම් අල්ලස් කොමිසමටද එහි විභාග වන සාක්කි ආදිය තුළින් පරික්ෂණයක් සිදු කිරීමට මෙන්ම එම සාක්කිකරු හෝ පැමිණිලිකරු හෝ විමර්ශනයට භාජනය වන පුද්ගලයා කැඳවිමකින් තොරව හෝ පරීක්ෂණයක් සිදු කර අදාළ නීතිමය පියවර ගැනීමට හැකි වන බවයි.

පාර්ලිමේන්තුවෙන් සම්මත වු එම පනත කතානායකවරයාගේ අත්සන යොදිමෙන් පසු එය බලාත්මක වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();