Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2018 වසරේ නීති විරෝධී මත්පැන් ජාවාරමුන් 52983ක් දැලේ

Author(s): 
නිමල් රාජපක්ෂ

මි.203.46ක දඩ ආදායමක්

මත්පැන් නිවාරණ වැඩසටහන් 2018 වසරේ දිවයින පුරා ක්‍රියාවට නංවමින් නීති විරෝධි මත්පැන් ජාවාරම්කරුවන් 52983 දෙනකු කොටුකර රුපියල් මිලියන 460.66 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීම්වලදී නීති විරෝධී මත්ද්‍රව්‍ය හා මත්කුඩු ජාවාරමේ නිරතවු සැකකරුවන් 49305 දෙනකු ද ,බලපත්‍ර කොන්දේසි උල්ලංගණය කරමින් මත්පැන් ජාවාරමේ නිරත වු බලපත්‍ර ලාභීන් 3678 දෙනකුද කොටුකර ගත් අතර ඒ අතර කාන්තාවන් 5114 සිටි බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි. මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 1814 ක්,මත්පැන් ලග තබාගත් 839 ක්,ප්‍රවාහන කිරීම් 21295 ක්,රා ළග තබා ගැනීම් හා ප්‍රවාහනය කිරීම්7303ක්,රජයේ අරක්කු ළග තබා ගැනීම් හා ප්‍රවාහනය කිරීම් 2476 ක්,විදේශීය මත්පැන් ළග තබා ගැනීම් හා ප්‍රවාහනය කිරීම් 3231ක්,හොරොයින් ජාවාරමේ නිරතවු 2173 ක්,කොකොන් ජාවාරම් කරුවන්212 ක්,ගංජා ජාවාරම් කරුවන් 3580 ක්,ගංජා වගාවන් 31 ක් හා වෙනත් මත්ද්‍රව්‍ය වැටලිම් සඳහා සැකකරුවන් 48ක්,බදු නොගෙවු සිගරැට් ජාවාරම්කරුවන් 2125 ක්,අවුරුදු 21 අඩු අයට සිගරැට් අලෙවි කිරීම් 985 ක්,ජනාකීර්ණ ස්ථාන වල දුම්පානය කළ 1866 ක්,වෙනත් දුම්කොළ වැරදි සඳහා 1327 ක් සුරාබදු නිලධාරීන් කොටුකර ගෙන තිබේ.

හෝටල් ,ආපන ශාලා ,රටබීම හල් හා රාත්‍රි සමාජ ශාලාවල බලපත්‍ර කොන්දේසි කඩකරමින් පත්පැන් අලෙවි කළ ස්ථාන 3678 ක් වටලා බලපත්‍ර ලාභින්හට අදාළ ප්‍රදේශවල සහකාර සුරාබදු කොමසාරිස් වරුන් සමථ ගාස්තු නියම කොට තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දිවයින පුරා පිහිටි අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් මිලියන 203.46 ක දඩ ආදායමක් රජයට ලබාදීමට සුරාබදු නිලධාරීන් සමත් වී ඇත. සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බි සේමසංහ මහතාගේ උපදෙස් මත ,සහකාර සුරාබදු කොමසාරිස් වරුන් හා සුරාබදු අධිකාරීවරුන් ඇතුළු නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පසුගිය වසරේ දිවයින පුරා පළාත් මට්ටමින් වැටලීම් සිදු කොට ඇතැයි කපිල කුමාරසිංහ මහතා පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();