Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කින්නියා සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක්

ති‍්‍රකුණාමලය, කින්නියා, කන්දල්කාඩු ප‍්‍රදේශයේ ඊයේ (29) ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් නාවික හමුදාව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත. 
 
පොලීසියද සිද්ධිය සම්බන්ධයෙන් තවත් පරීක්‍ෂණයක් සිදුකරන බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය. 
 
නාවික හමුදා නිලධාරීන් සහ ගම්වාසීන් අතර ඊයේ මෙම නොසන්සුන්තාවය ඇතිවූයේ නීතිවිරෝධීව වැලි ගොඩදමමින් සිටි පිරිසක් වැටලීමට ගිය අවස්ථාවේදී ය. එහිදී නාවික හමුදා නිලධාරීන් දැක ගගට පැන පලායාමට උත්සාහ කළ දෙදෙනෙකු අතුරුදන්ව තිබුණි. 
 
ඒ, සමග අවට සිටි පිරිස් සහ වැටලීමට ගිය නාවික හමුදා නිලධාරීන් අතර මෙම උණුසුම් තත්ත්වය ඇති විය. පසුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් ප‍්‍රදේශයේ තත්ත්වය පාලනය කෙරුණි. 
 
අතුරුදන් වූ එක් අයෙකුගේ මළසිරුරක් ඊයේ සොයාගත් අතර ඔහු 22 හැවිරිදි කින්නියා ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සොයා නාවික හමුදාව සහ පොලීසිය එක්ව තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මක කර තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();