Ticker

6/recent/ticker-posts

Header Ads Widget

” මධ්‍යම පළාත් රාජ්‍ය සේවකයින්ට ෆේස්බුක් තහනම්” ආණ්ඩුකාරවරයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

රාජ්‍ය සේවය විධිමත් කිරීම වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

මධ්‍යම පළාත් අනියම් සහ ස්ථීර සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් 139 දෙනෙකු සදහා මෙහිදී ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ආන්ඩුකාරවරයා මේ බව පවසා සිටියේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ “ඔන්න ෆොන් එකේ ටුක් ටුක් ගාලා වදිනවා මැසේජ්.. ගන්නවා ෆෝන් එක.. ඊට පස්සේ යනවා ෆේස් බුක්. දැන් කල්පනා කරලා බලන්න රාජ්‍ය සේවකයෙක් පැය කීයක් හරියට වැඩ කරනවාද කියලා. වැඩ කරන මිනිහා පණ යනකම් වැඩ… නොකරන මිනිහා අයිස්.. කවුරුහරි නිලධාරියෙක් වැඩ කරන කාලසීමාව තුළ ෆේස් බුක් වගේ ඒවා පාවිච්චි කරලා මට පැමිණිල්ලක් ආවොත් එහෙම… සේවය අත්හිටුවලා තමයි විනය පරීක්ෂණය කරන්නේ. ජනතාවගේ සේවය උපරීම අන්දමින් ලැබෙන්න ඕනේ.” යනුවෙනි.

මධ්‍යම පළාතේ ප‍්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් ප‍්‍රදර්ශනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමටද මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්න මීට පෙර පියවර ගත් අතර මහනුවර නගරයේ වාහන තදබදය පිළිබදවද සොයා බැලීම සදහා පසුගිය දිනවල නගර මධ්‍යයේ සංචාරය කරන අයුරු දක්නට ලැබිණි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();