Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෙරෝයින් රැගෙන ගිය බන්ධනාගාර සැරයන්වරයකු අත්අඩංගුවට.

Arested_by_police

වැලිකඩ බන්ධනාගාරය තුලට හෙරෝයින් ග්‍රෑම් 20ක් රැගෙන බන්ධනාගාරයට ඇතුළුවීමට උත්සාහ කළ බන්ධනාගාර සැරයන්වරයකු අත්අඩංගුවට ගැනීමට වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් සමත්වී තිබේ. අදාල බන්ධනාගාර සැරයන් වරයා පිළිබඳව සැක සිතූ බන්ධනාගාර නිලධාරීන් වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවේදී ඔහුව පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම හෙරෝයින් ඔහු ලඟ තිබී සොයාගෙන ඇත. බන්ධනාගාර නිලධාරීන් විසින් සිය භාරයට ගත් බන්ධනාගාර සැරයන් වරයා වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලීසියට භාරදී තිබේ. ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැකකාර බන්ධනාගාර සැරයන්වරයා විසින් බන්ධානාගාරය තුලදී පාවිච්චි කළ ඔහුගේ උපකරණය තබන ලොකර් එක සෝදිසි කිරීමේදී රුපියල් අසූ පන්දහසක (රු.85,000.00) මුදලක් හා ජංගම දුරකතන දෙකක් සොයාගැනීමට හැකිව තිබේ.

 

 

 

The post හෙරෝයින් රැගෙන ගිය බන්ධනාගාර සැරයන්වරයකු අත්අඩංගුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();