Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෙරොයින් රැගෙන ගිය බන්ධනාගාර සැරයන් මාට්ටුවෙයි

වැලිකඩ බන්ධනාගාරය තුලට හෙරොයින් ග්‍රෑම් 20ක් රැගෙන බන්ධනාගාරයට ඇතුළුවීමට උත්සාහ කළ බන්ධනාගාර සැරයන්වරයකු අත්අඩංගුවට ගැනීමට වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන ජේලර් ප්‍රසාද් ප්‍රේමතිලක මහතාගේ හා වැලිකඩ ජේෂ්ඨ බන්ධනාගාර අධිකාරී ටී.අයි. උඩුවර මහත්වරුන්ගේ උපදෙස් පරිදි බන්ධනාගාර නිලධාරීන් සමත්වී තිබේ. 
 
අදාල බන්ධනාගාර සැරයන් වරයා පිළිබඳව සැක සිතූ බන්ධනාගාර නිලධාරීන් වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවේදී ඔහුව පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම හෙරෝයින් ඔහු ලඟ තිබී සොයාගෙන ඇත. 
 
බන්ධනාගාර නිලධාරීන් විසින් සිය භාරයට ගත් බන්ධනාගාර සැරයන් වරයා වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලීසියට භාරදී තිබේ. 
 
ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැකකාර බන්ධනාගාර සැරයන්වරයා විසින් බන්ධානාගාරය තුලදී පාවිච්චි කළ ඔහුගේ උපකරණය තබන ලොකර් එක සෝදිසි කිරීමේදී රුපියල් අසූ පන්දහසක (රු.85,000.00) මුදලක් හා ජංගම දුරකතන දෙකක් සොයාගැනීමට හැකිව ඇත. 
 
මේ සිදුවීම සම්බන්ධව අද වැලිමඩ නව උසාවි සංකීර්ණයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරණ මහත්මිය පැවසූවේ මෙවැනි විනය විරෝධී ක්‍රියා සිදුකරන නිළධාරීන් වෙනුවෙන් තරාතිරම නොබලා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();