Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියාවහමුවේ නවසීලන්තය කම්මුතුයි

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග ඊයේ මවුන්ට් මුන්ගුනායිහිදී පැවැති පස්වැනි විස්සයි 20 තරගයෙන් සත්කාරක නවසීලන්තයට ලකුණු 7ක පරාජයක් අත්විය.

මේ සමගින් තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලිය 5-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

මේ ජයග්‍රහණය ඉන්දීය ක්‍රිකට් වාර්තා අතරට එක්වූයේ ඉන්දීය කණ්ඩායමක් මවුබිමෙන් පිටතදී ලබාගත් ඉහළම විස්සයි20 ජයග්‍රහණය ලෙසිනි. මින් පෙර ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී විස්සයි20 තරගාවලියක් 3-0කින් ජයගෙන තිබුණේ ඉහළම ජයග්‍රහණය ලෙසිනි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 163ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය නවසීලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 156ක් පමණි.

රොස් ටේලර් සහ ටිම් සෙයිෆර්ට් අර්ධ ශතක රැස් කරමින් නවසීලන්තය ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සහ කළද එය අසාර්ථක වූහ. පන්දු 47කට මුහුණදුන් ටේලර් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 53ක් රැස්කළ අතර හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 50ක් රැස්කළ සෙයිෆර්ට් වැය කළේ පන්දු 30ක් පමණි. දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 99ක සබඳතාවක් ගොඩනැගීය. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ජස්ප්‍රීට් බුම්රා තරගයේ වීරයා ලෙස නම් කෙරිණි. ඕවර 4ක් යැවූ ඔහු නිලකුණු ඕවරයක්ද සමග ලකුණු 12කට කඩුලු 3ක් දවා ගත්තේය. නව්දීප් සයිනි සහ ශර්දූල් ඨාකූර් කඩුලු 2ක බැගින් දවා ගත්හ.

නිත්‍ය නායක විරාට් කෝලි වෙනුවට ඊයේ තරගයේදී වැඩ බලන නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමට ලකුණු 60ක් එක්කළේ පන්දු 41කිනි. හතරේ සහ හයේ පහර 3 බැගින් එල්ල කළ ඔහු ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වූ අතර ඒ වනවිට දෙවැනි කඩුල්ලට ලෝකේෂ් රාහුල් සමගින් එක්ව ලකුණු 88ක සබඳතාවක් ගොඩනගා තිබිණි. පන්දු 33කින් ලකුණු 45ක් රැස්කළ රාහුල් තරගාවලියේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

දෙපිල අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 5 වැ නිදා හැමිල්ටන්හිදී ආරම්භ වෙයි.

ඉන්දියාව - 163/3යි. (ඕවර 20) රෝහිත් ශර්මා 60, ලෝකේෂ් රාහුල් 45, ශ්‍රේයාස් අයියර් නොදැවී 33 (ස්කොට් කුගල්ජින් 25/2)

නවසීලන්තය - 156/9යි. (ඕවර 20) රොස් ටේලර් 53, ටිම් සෙයිෆර්ට් 50 (ජස්ප්‍රීට් බුම්රා 12/3, නව්දීප් සයිනි 23/2, ශර්දූල් ඨාකූර් 38/2)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();