Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සාර්ස් ඉක්මවා කොරෝනා පැතිරෙයි

චීනයේ වූහාන් පළාතෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වී මසකට අධික කාලයක් ගතවන විට විදෙස්  මාධ්‍ය වාර්තා කළේ, මිට පෙර 2003 දී චීනයෙන් ව්‍යාප්ත වූ සාර්ස් රෝගය ඉක්මවමින් කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව චීනයේ සිට පැමිණෙන සියලු දෙනාට සිය රටවලට ඇතුලුවීම තහනම් කිරීමට මේවන විට තීරණය කර තිබේ.

චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට හදුනාගැණුනු කොරොනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොව පුරා රටවල් විවිධ පියවර  ගෙන තිබීම විශේෂත්වයක්.

මාස අටක කාලයක් පුරා පැතිරුණු දරුණු ශ්වසන සින්ඩ්‍රෝමයක් වූ සාර්ස් රෝගයෙන් ආසාදිතයින් වාර්තා වූයේ 8100ක් පමණයි.

එහෙත් මාස දෙකක් ඇතුළත චීනයෙන් පමණක් වාර්තා වන කොරොනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 10000 ඉක්මවා ගොස් ඇත.

එහෙත් බොහෝ පාර්ශව පවසන්නේ සත්‍ය සංඛ්‍යාවන් නිල සංඛ්‍යාලේඛන වලට වඩා බෙහෙවින් වැඩිවිය හැකි බවයි.

ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වෛසරය මැඩලීමට එන්නතක් සෙවීමට ලොව පුරා විද්‍යාඥයින් යුහුසුළුව කටයුතු කරන අතර එහිදී යම් සාර්ථකත්වයක් අත්කර ගැනීමට, අමෙරිකාවේ සැන් දියාගෝ නුවර විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වෙයි. ඔවුන් ඒ සඳහා වන පරීක්ෂන සිදුකර ඇත්තේ, චීනය විසින් අන්තර්ජාලයට එක්කළ වෛරසයේ ඩී එන් ඒ සැකැස්ම පරිශීලනය කරමින් බවයි හෙළිවන්නේ.

The post සාර්ස් ඉක්මවා කොරෝනා පැතිරෙයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();