Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ අවට මාර්ග කිහිපයක් වැසේ

 
72 වැනි ජාතික නිදහස් දින සැමරුම අභිමානවත් හා චාම් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
 
එහි පෙරහුරු අදත්(03) නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වේ. ඒ වෙනුවෙන් අද දහවල්12.00 දක්වා මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
 
ඒ අනූව, නිදහස් මාවත, විද්‍යා මාවත, මෙට්ලන් ප්ලේස්, මෙට්ලන් ක්‍රසන්ට්, සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මාවත,මාර්කස් ප්‍රනාන්දු මාවත, පදනම් පාර සහ විජේරාම පාර හෝර්ටන් වටරවුම දක්වා මාර්ග වසා තැබෙනු ඇත.
 
මෙම මාර්ග සහ ස්ථානවලින් වාහන ගමනාගමනය සීමා කෙරේ. ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය, රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. ‘සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යවත් රටක්‘ යන්න මෙවර නිදහස් දිනයේ තේමාවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();