Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවිස්සාවේල්ල පතලකට බැස්ස තිදෙනෙක් මරුට

අවිස්සාවේල්ල,නුගේවත්ත මාලිගාව පාර ප්‍රදේශයේ දී අතහැර දැමු පතලකට බැසීමෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබේ.
 
අනතුර සිදුව ඇත්තේ, ඊයේ (02)රාත්‍රියේ දී බව පොලිසිය පවසයි.
 
එම පතලට වැටී සිටි කුකුලන් දෙදෙනෙකු බේරා ගැනීම සඳහා එක් පුද්ගලයෙකු පතලට බැසීමෙන් පසු ඔහු ශ්වසන ආබාධයකට ලක්ව ඇති බව සදහන් වේ. එම පුද්ගලයා බේරා ගැනීම සඳහා තවත් පුද්ගලයින් දෙදෙනෙකු පතලට බැස ඇති අතර ඔවුන් ද මෙම ශ්වසනාබාධයට ලක්ව ඇත. 
 
පුද්ගලයින් දෙදෙනෙක් පතල තුලදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා රෝහල් ගත කළ පසු මරණයට පත්ව තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();