Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වූහාන්වල සිරවී සිටි සිසුන් රැගෙන ඒමට ශ්‍රී ලංකන් සහ ගුවන් හමුදාව සමත්වෙයි

මත්තලට පැමිණි සිසුන් 33  මත්තල ගුවන් තොටුපළේදීම  විශේෂිත සෞඛ්‍ය නීරෝධායන ක්‍රියාවලියකට

නීරෝධායන ක්‍රියාවලියෙන් පසු  මත්තලින් දියතලාව යුද හමුදා කඳවුරු  පරිශ්‍රයේ ඉදිකර ඇති  විශේෂිත නීරෝධායන ඒකකයට

ජාත්‍යන්තරව පිළිගත් විශේෂ නිරෝධාන සහ ඉතා සුරක්ෂිත ක්‍රියාවලියක් අනුගමනය කරමින් චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනකු මෙරටට රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන්සේවය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්ය මණ්ඩලයන් සමත්ව සිටී.

කොරෝනා වෛරසය පැතිරයාවි යැයි කිසිවකුටත් කිසිඳු අනියත බියක් හා සැකයක් ඇති නොවන ආකාරයට චීනයේ සිටි පිරිස මෙරටට ගෙන ඒමට සමත්වීම ශ්‍රී ලාංකික සැමගේ ජයග්‍රහණයක් සනිටුහන් කිරීමක් ද වේ. ශ්‍රී ලංකා ගුවන්සේවයට අයත් UL 1423 දරන ගුවන් යානය ඉකුත් 31 වැනිදා මෙරටින් චීනයේ හු‍බෙයි ප්‍රාන්තයේ වූවාන් නගරයට පිටත්කර මොහොතේ සිට ඉකුත් 01දා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා නැවත පැමිණෙන තුරු නොවිසිල්ලෙන් බලා සිටි ශ්‍රී ලාංකික සැමට සැනසුම් සුසුම් හෙළීමට මඟපාදන මේ පිරිස ගෙනඑන ලදී. එම ක්‍රියාවලිය පිළිබඳව මත්තල ගුවන්තොටුපළේ ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය මහතා කියා සිටියේ සිසුන් 33 දෙනා නිරුපද්‍රිතව හා ආරක්ෂිතව ශ්‍රී ලංකාවට ගෙනඑමට ලැබීම විශාල ජයග්‍රහණයක් බවය. ඒ පිළිබඳ අදහස් දැක්වූ ගුවන්හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍එයාර් වයිස් මාෂල් එල්.ආර්. ජයවීර මහතා කියා සිටියේ නී‍රෝධාන ක්‍රියාවලිය 100%ක්ම සාර්ථකව සියලුම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ගොඩබැස්වූ බවය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතිචාර බළගණයේ ප්‍රධානී වින්ග් කමාන්ඩර්

එන්.පී.පෙරේරා මහතා -

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරය පසුගිය 24 වැනිදා සිට සම්පුර්ණයෙන්ම වසා දැමීමට චින රජය ඉකුත්දා කටයුතු කෙරුණේ එම වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිමටය.මේ හේතුව නිසා එම නගරයේ පමණක් වාසය කරන මිලියන 11කට ආසන්න ජනතාවක් දැඩි අපහසුතාවට පත් විය. දින 09කට ආසන්න කාලයක් තිස්සේ මේ ජනතාවත් සමඟ ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනකුද සිරවි සිටියේය.මේ වෛරසය දිනෙන් දින ව්‍යාප්ත වීම වැඩි වීමත් සමඟ ඇමරිකාව,ජපානය හා ඉන්දියාව විසින් එම ප්‍රාන්තයේ සිටි එරට වැසියන් විශේෂිත රාජතාන්ත්‍රික මට්ටමේ සාකච්ජාවලින් පසු ඒ ඒ රටවලට රැගෙන යාමට කටයුතු කෙරුණි.

මෙවන් පරිසරයක් තුළ චීනයේ වුහාන්වල සිරවි සිටි ශ්‍රී ලංකික සිසුන් 33 වහාම මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දි තිබුණි.ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.1423 දරන ගුවන් යානය 31 වැනි දින මෙරටින් චීනයේ වුහාන් බලා පිටත් කර යැවුනේ ගුවන් නියමු කපිතාන් චමින්ද සොයිසා මහතා ඇතුළු 16 දෙනකුගෙන් යුත් විශේෂ පුහුණුවක් ලද කාර්ය මණ්ඩලයක්ද සහිතවය.

 

අවදානම් සහිත වු මේ ගමන සඳහා ශ්‍රි ලංකන් ගුවන් සේවයේ 08 දෙනකුද ඇතුළුව කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු මෙරටින් පිටත් කර යැවුනේ ඔවුන් වෙත විශේෂිත පුහුණුවක්ද ලබා දීමෙන් පසුවය. කාර්ය මණ්ඩලය ගුවන් ගමන සඳහා එක්ව සිටියේද විශේෂ නීරෝධායන ඇදුමකින් සැරසී සිටීමද විශේෂත්වයකි.

31වැනි දින ශ්‍රි ලංකාවෙන් පිටත් වු ගුවන් යානය නැවත සිසුන් 33 දෙනා හා කාර්ය මණ්ඩලයේ 16 දෙනාද රැගෙන නිරුපද්‍රිතව 01වැනි දින පෙරවරු 7.42ට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවනු ලැබිය.එලෙස මත්තල ගුවන් තොටුපොළට රැගෙන ආ සිසුන් 33 දෙනාම මත්තල ගුවන් තොටුපොළේ දී ගුවන් හමුදාවේ ජීව හෝ රසායනික ප්‍රහාර වැනි ව්‍යසන තත්ත්වයන් හමුවේ ක්‍රියාත්මක විම සඳහා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ස්ථාපිත කර ඇති රසායනික න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතිචාර බළගණයේ නිලධාරීන් විසින් විශේෂ නීරෝධායන ක්‍රියාවලියකට භාජනය කෙරුණි.සිසුන් සියලුම දෙනා ඇදගෙන ආ සියලුම ඇඳුම් එහිදි ඉවත් කර යුද හමුදාව විසින් සපයා තිබු විශේෂිත ඇදුමකින් සැරසී සිසුන් 33 පෙරවරු 9.30 මත්තල ගුවන් තොටුපොළේ සිට දියතලාව යුද හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති විශේෂ නීරෝධායන ඒකකය වෙත රැගෙන යාම සිදු කරුණි.ගුවන් යානයේ කාර්ය මණ්ඩලයද මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේදීම විශේෂ නීරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් පසු විශේෂ බස් රථයකින් කොළඹ බලා රැගෙන යාම සිදු කෙරුණි.

මත්තල ගුවන්තොටුපොළ

ප්‍රධාන කළමනාකරු උපුල් කලන්සුරිය මහතා -

ජනාධිපතිතුමා හා අගමැතිතුමා ඇතුළු රජයේ මැදිහත්වීමෙන් චිනයේ වුහාන් නගරයේ රැදී සිටි සිසුන් 33 දෙනා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගත්තා.ඒ අනුව එම සිසුන් රැගත් ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂිත ගුවන් යානය 01 දින පෙරවරු 7.42ට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත සාර්ථකව ගොස්බැස්සවීම සිදු කළා.මත්තලට පැමිණි සිසුන් 33 මත්තල ගුවන් තොටුපළේදීම විශේෂිත සෞඛ්‍ය නීරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් පසු පෙරවරුඅ 9.30 මත්තලින් දියතලාව යුද හමුදා කඳවුරු පරිශ්‍රයේ ඉදිකර ඇති විශේෂිත නීරෝධායන ඒකකය වෙත රැගෙනයාම සිදු කළා.මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා අපවෙත කතා කරලා අවශ්‍ය සියලු පහසුකම් සළසන ලෙස උපදෙස් ලබාදීම සිදුකළා.ඒ අනුව මත්තල ගුවන්තොටුපොළේ සියලුම කාර්යමණ්ඩලය මේ සඳහා විශාල සහයෝගයක් ලබා දුන්නා.ඒ වගේම කියන්න ඕනේ මේ විශේෂ නීරෝධායන කටයුතු ගුවන් හමුදාව හා යුද හමුදාව විසින් බාරගෙන බොහොම ක්‍රමවත්ව හා ක්‍රමානුකූලව සිදු කරනු ලබුවා.මේ වන විට පැමිණි සිසුන් 33 දෙනා වගේම අපේ රටත් මේ විශේෂිත නීරෝධායන ක්‍රියාවලිය තුළ ඉතා සුරක්ෂිතයි කියන විශ්වාසය අපට තියෙනවා.මේ ගුවන් යානය මත්තලට ගොඩ බැස්සුවා කියා මේ ප්‍රදේශවල ඉන්න ජනතාවට කිසිදු අනියත බියක් ඇති කරගත යුතු නෑ කියන පිණිවිඩයත් දෙන්න ඕනේ.

මේ කටයුත්ත සඳහා ඍජු අධීක්ෂණයක් ලබා දෙමින් මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රැදී සිටිමින් කටයුතු කළ ගුවන්

හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයා වයිස් මාර්ෂල් එල්.ආර්.ජයවීර මහතා -

ගුවන් හමුදාවේ හමුදාපති එයා මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා එයාලයින් එකෙන් අපිට ඉල්ලීමක් කරලා තිබුණා චිනයේ වුහාන්වල ඉන්න පිරිස ලංකාවට ගෙන එනවා.ඒ සිසුන් ලංකාවට ගෙන ආවට පස්සේ විශේෂ නීරෝධායන ක්‍රියාවලිය සිදුකර දෙන ලෙසට.ඒ අනුව තමයි අපි මේ කටයුත්ත සිදු කරනු ලැබුවේ.අපිට ලැබුණු ඉල්ලීම අනුව අපි පෙර සුදානමකින් යුක්තව පාර්ශ්ව රැසක් සමඟ සාක්ච්ඡා වට කිහිපයක්ම පවත්වා තමයි මේ බාරදුර කටයුත්තට අත ගැහුවේ.මේකෙදී වුණේ ශ්‍රි ලංකන් ගුවන් සේවයේ 18 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා විශේෂිත පුහුණුවක් ලබා දීලා තමයි චිනයේ වුහාන් වෙත යැවිම සිදුකෙරුණේ.එම සිසුන්ට වගේම ගුවන් කාර්ය මණ්ඩලය සඳහාත් අවශ්‍ය සියලුම සෞඛ්‍යාරක්ෂිත උපකරණ ගුවන් හමුදාව විසින් ලබා දීමට කටයුතු කෙරුණා.

ගුවන් හමුදාපතිවරයාගේ හා ගුවන් හමුදාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ තුමාගේ උපදෙස් පරිදි තමයි අද අපි මේ විශේෂ නීරෝධායන කටයුත්ත මත්තල ගුවන් තොටුපොළේදී සිදු කරනු ලැබුවේ.චීනයේ වුහාන්වල සිට පැමිණි ගුවන් යානය මත්තලට ගොඩ බැස්සවීමෙන් පසු සිදුකෙරුණු සියලුම නීරෝධායන කටයුතු අපේ ඒකකයේ නිලධාරීන් විසින් තමයි සිදු කරනු ලැබුවේ.ලංකාවට මොනයම් හෝ රසායණික ප්‍රහාරයක් එල්ල වුවහොත් ඒ සඳහා ක්‍රියාත්මක විම තමයි අපේ ඒකකයට බාර වෙලා තියෙන්නේ.අද අපි මත්තලට පැමිණි මේ සියලුම සිසුන් ඉතා ආරක්ෂිත විශේෂ නීරෝධායක ක්‍රියාවලියකට ලක් කරලයි යුද හමුදාව වෙත බාර දුන්නේ.

සූරියවැව විශේෂ නුවන් ජයසේකර, අම්බලන්තොට සමූහ රාහුල් සමන්ත

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();