Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෝහාරික වාර්තාවෙන් බොහෝ දේවල් හෙළි වෙලා

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

‍රටේ බැඳුම්කර හොරකම්වලට දෙගොල්ලන්ම සම්බන්ධ පරීක්ෂණය තුළින් ලබාදුන් වෝහාරික වාර්තාවෙන් හුඟක් දේවල් හෙළි වෙලා තියෙනවා. මේ පරීක්ෂණය කරන්න ලබාදුන්නේ මහ බැංකුවයි. ජනතාවගේ මුදල් දිගින් දිගටම විනාශ කරලා තියෙනවා. ඒ කාලයේ සිදුකරන ලද මේ හොරකම්වලට සම්බන්ධ සියලු දෙනාටම පරීක්ෂණයක් සිදුකොට දඬුවම් දෙන්නැයි කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

මාධ්‍යවේදීන් විසින් මතුකරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කොළඹ දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේද කීය. 2015 බලයට පත් ආණ්ඩුවේ මහ බැංකු බැඳුම්කර සිද්ධියේ විශාල චෝදනාවක් එල්ල වුණා. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා නිකුත් කළ වාර්තාව අනුව ක්‍රියාමාර්ගවලට යන්න ජනාධිපති කොමිසමක් පත්කරනු ලැබුවා. ඒ සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අනෙකුත් අයගේ සහයෝගය කොමිසම වෙත ලැබුණා. එහි වාර්තාව අනුව 2015 යම් යම් දේවල් සිදුවී තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව යැව්වා මේ පිළිබඳව. කිහිපදෙනෙක් ඇප මත නිදහස් වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නීතිපති උපදෙස් අනුව 2015 ට පෙර සිදුවීම් පිළිබඳව වෝහාරික වාර්තාවක් ගන්න කටයුතු කළා. ටෙන්ඩර් කරලා 2001 සිට 2015 වාර්තාවක් එළිදැක්වූ බව මාධ්‍යවේදියකු නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුජිබර් රහුමාන් මහතා කියා සිටියේය.

නව වාර්තාව අනුව බැඳුම්කර නිකුත් කිරීමේදී 2015 ඇති වූ ගැටලු ජනාධිපති කෝප් කමිටුව නිර්දේශ කළා. මහ බැංකුවේ උසස් අය පිළිබඳ වාර්තාවක් නිකුත් වුණා. කෝට් 1048. 2006 සිට 2015 දක්වා ඊ.පී.එෆ්. මුදල් වැඩකරන ජනතාවගේ මුදල් පවා අරගෙන ආයෝජනය කරලා බිලියන 10 ක් එයින් පාඩු වූ බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

වැඩකරන ජනතාවගේ මුදල් විවිධ ස්ථානවල ආයෝජනය කරලා තියෙනවා. මේවාට වගකියන්නේ කවුදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.

පර්පචුවල් සමාගමට බිලියන 10 ක් බැංකුව සතුව තිබෙන බවද 2006 සිට 2015 කෝටි 1048 ක අලාභයක් සිදුවී තිබේ. මේ මුදල් අයකර ගන්නේ කොහොමද? ක්‍රමයක් තිබෙනවාද? වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් බොහෝ දේවල් පවසන බවද මුජිබර් රහුමාන් මහතා කියා සිටියේය.

2015 ට පෙරත් 2015 ට පසුවත් දිගින් දිගටම පාඩු වූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පාඩු නොවන ලෙසට බිස්නස් කිරීමට නොදන්නා බවද ඕනෑම ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දි එම ව්‍යාපාරය පාඩු ලබන්නේ නම් එය පෙන්වාදීමට හැකි ගණකාධිකාරින් රටේ සමාජයේ සිටින බවත් මුජිබර් රහුමාන් මහතා කියා සිටියේය.

2005 සිට 2015 දක්වා හොරකම් කරලා ඒවා වහගන්න හදනවා. හොරකම් එහෙම ලෙහෙසියෙන් වහන්න බැහැ. මේවට සම්බන්ධ සෑම උස් පහත් නිලධාරින් පිළිබඳව පරීක්ෂණ සිදුකොට දඬුවම් දිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඕනෑම ව්‍යාපාරයකින් දිගින් දිගට අලාභ වන්නේ නම් පුද්ගලයෙක් කුඩා සමාගමක් හෝ මහා සමාගමක් වුවද අවසානයේ වසා දමනවා.

2005 සිට 2015 සිදුවී තිබෙන අයථා ගනුදෙනුවලට නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකරන ලෙස ඉල්ලා සිටි මන්ත්‍රීවරයා මහ දවල් බැංකුව මංකොල්ල කෑ බව පැවසුවත් 2005 සිට 2015 දක්වා රෑ දහවල් දෙකේදීම මහ බැංකුව මංකොල්ල කා තිබෙන බවද ඒ වගේම වත්මන් ආණ්ඩුව විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බවද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසීය.

මංගල සමරවීර මහතාට චෝදනා කරලා වැඩක් නැහැ. යහපාලන රජය කාලයේ ‍රටේ දිස්ත්‍රික්ක ගණනාවක ගම්පෙරළිය මාර්ග සංවර්ධන මෙන්ම අනෙකුත් දේවල් සිදුකළ කොන්ත්‍රාත්කරුවන්ට මේ දක්වා එම ණය ගෙවීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කිසිම පියවරක් ගෙන නොමැති බවද කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා පැවසීය. අපි කවුරුවත් දූෂණයට වංචාවට කැමතිම නැතැයි මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසීය. ඇතැම් මාධ්‍ය එ.ජා.ප. තුනකට කැඩී ඇති බැව් ඇතැම් පුවත්පත්වල වාර්තා කර තිබුණා. ඉදිරි කාලය තුළදී මහ මැතිවරණයට තරග කිරීමට පෙර එජාප නව සන්ධානයේ මහලේකම්වරයා පත්කරන ‍බවද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ආරියරත්න ගනේගොඩ - මැදකොළඹ සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();