Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති අගමැති සුසංයෝගය රටේ සංවර්ධනයට පිටිවහලක්

පා. මන්ත්‍රී නාමල් රාජපක්ෂ

"ඉදිරි මාස හයේ මහින්ද අගමැතිතුමා නිවාස 14,000ක් හදන්න කටයුතු කර තිබෙනවා. මේ අවුරුද්ද අවසන් වෙන්නට පෙර මාර්ග කිලෝමීටර් ලක්ෂයක් හදලා අවසන් කරනවා. සජිත් මහත්තයා කෝටි ප්‍රකෝටි ගණන් වියදම්න් කරලා වසර හතර හමාරටම හදලා තියෙන්නේ නිවාස 4,000 පමණ ප්‍රමාණයක්."

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ පෙරේදා (01) රජයේ ඉදිරි දැක්ම හා නව රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව වියළුව ආසනයේ මීගහකිවුල ප්‍රාදේශීය සභා පොළ භූමියේදී පැවැති ජනහමුවදීය. මීගහකිවුල ප්‍රා. සභා සභාපති ලලිත් ජයවර්ධන මහතා ඇතුළු ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම රැස්වීම සංවිධානය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට පාර්ලිමෙන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ වියළුව ආසනයට අයත් සොරණාතොට, කන්දකැටිය සහ මීගහකිවුල ප්‍රාදේශීය සභාවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එජනිස මන්ත්‍රීවරුන්, ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් ද සහභාගි වූහ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා - අපි දැක්කා දෙන්නා දෙපැත්තෙන් ඇවිත් පහුගිය රජය කරගෙන ගිය විදිහ කොහොමද කියලා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී ජීවිත ගණනාවක් නැතිවුණා. හැබැයි අද වෙනකම් ඒ වගකීම බාර ගන්න පහුගිය ආණ්ඩුවේ කිසි කෙනෙක් නෑ. අද වෙනකම් එජාපයෙන්වත් හිටපු ජනාධිපති ජනාධිපතිතුමාගේ පැත්තෙන්වත් ඒ පිළිබඳව මොකද්ද වුණේ කියන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ.

අපි බලාපොරොත්තු වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති විදිහටත් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා විදිහටත් ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය හා සම්බන්ධව දැඩි ලෙස නීතිය ක්‍රියා ක්‍රියාත්මක කරන්නට කටයුතු කරයි කියලා.

අද කොරෝනා වෛරසයෙන් අසරණ වූ චීනයේ හිටපු ලාංකික ශිෂ්‍යයෝ පිරිසක් ලංකාවට ගෙනාවා. එහෙම කරන්න පුළුවන් වුණේ කොහොම ද? දේශපාලනිකව වශයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඒකමතිකව තීන්දුවක් ගත්තා පුළුවන් වූ පළවෙනි අවස්ථාවේදීම අපේ පුරවැසියෝ ටික ගෙනැල්ල අපි ආරක්ෂා කරනවා කියලා. ඒක දේශපාලන තීන්දුවක්. හැබැයි නිකම් හරි පහුගිය කාලේ අර සුසංයෝගය වගේ වුණා නම් ඔවැනි දේශපාලන තීන්දුවක් ගන්නෙත් නෑ. වත්මන් ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් සුසංයෝගය නිසා තමයි ඒ තරුණයන්ට අද ලංකාවට එන්න හැකි වුණේ.

දැන් තමයි ආණ්ඩුවක් තියෙනවා කියලා මිනිස්සුන්ට දැනෙන්නේ. පහුගිය කාලේ කුඹුරු ටික පුරන් වුණා. හේන් කරේ නෑ. ගොවිතැන් කළේ නෑ. සංවර්ධනයක් සිදු වුණේ නෑ. ඒ නිසා තමයි අද වෙනකොට බඩු මිල වැඩි වෙන්න හේතුව. වසර හතරහමාරක් වගා කළේ නෑ.ැන් තමයි දේශීය ගොවියාට සාධාරණක් වෙන්නේ. තව මාස කීපයක් යද්දී බඩු මිල අඩුවෙයි. කන්නයක් දෙකක් ඉවසන්න වෙයි.

සජිත්ගේ අමාත්‍යාංශය සමාගම්වලට බිලියන 30ක් ණයයි. පාරවල් හදනවා කියලා මුල්ගල් තිව්වා. පාලම් හදනවා කියලා මුල්ගල් තිවුවා. හැබැයි කරේ නෑ. පහුගිය ආණ්ඩුව තමන්ගේ ප්‍රතිරූපය හදාගන්න පත්තරවල ටීවී වල ඇඩ් දැම්මා අද වෙනකොට ඒ ආණ්ඩුව සමාගම්වලට බිලියන 250ක් ණය වෙලා. අඩුමගානේ අතුරු අයවැයටවත් ඒ වියදම් දාලා සම්මත කරන්න කටයුතු කළේ නෑ. ඒ නිසා යළිත් අපි මේ රට ගොඩනැගිය යුතුයි. ඒ නිසා ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්න උදව් කරන්න.

ජායාරූපය - මීගහකිවුල සමූහ

මීගහකිවුල සමූහ එන්. නවරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();