Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුහුණු පොත-සමාජ මාධ්‍යජාලා ජාති ආගම් අතර වෛරයට හේතුවක්: පාලනයට දැඩි නීති

එක්සත් ජාතීන්ගේ  මහ කොමසාරිස්  කාර්යාලයෙන් ලැබෙන තාක්ෂණික සහාය  වැදගත්

ඇමැති නිමල් සිරිපාල

මුහුණු පොත සහ සමාජ මාධ්‍යජාල මගින් ජාතීන් සහ ආගම් අතර වෛරය පතුරුවාලීමට ගනු ලබන ක්‍රියාමාර්ගයන් වැළැක්වීමට නව නීති සම්පාදනය කිරී‍මේ අවශ්‍යතාවක් පැන නැගී ඇතැයි අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ Mona Rishmawi මහත්මිය සහ Rory Mungoven,Francesca Marotta, Raghu Menon නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේ පැවැසීය.

මේ සාකච්ඡාවේ දී නීතීයේ ආධීපත්‍ය ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ ක්‍රියාත්මක වන

ආකාරය පිළිබඳ සාකච්ඡා කළ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මෙකී අවශ්‍යතාවය සඳහා නීති සම්පාදනයේ දී අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමටද එකඟතාවය පළ කෙරිණි.

විශේෂයෙන් කිසිඳු වගකීමකින් තොරව කරනු ලබන කටයුතු නිසා සමාජ ජාල සහ මුහුණු පොත තුළින් පුද්ගලයන් රාශියකට පදනමකින් තොරව පහර කෑමට ලක්ව ඇති බවත්, මේ නිසා ශ්‍රී ලාංකීය සමාජය තුළ මුහුණු පොත සහ සමාජ ජාලා භාවිතා කිරීමේ දී සිදුවන එවැනි අකටයුතුකම් පාලනය කිරීම සඳහා දැඩි නීති රීති පද්ධතියක අවශ්‍යතාවක් ඇති බවත්, ඒ සඳහා ජාත්‍යන්තරව පවතින තත්ත්වයන් සහ අත්දැකීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයෙන් ලැබෙන තාක්ෂණික සහය ඉතා වැදගත් බවත් ඇමැතිවරයා නියෝජිත පිරිස හමුවේ අවධාරණය කළේය.

එකම රටක් තුළ එකම නීතීයක් යටතේ ශ්‍රීලාංකීය නීති පද්ධතිය සඳහා අවශ්‍ය නීති සම්පාදනය සඳහා දැනටමත් විවිධ ප්‍රතිසංස්කරණයන් සිදු කර ඇති බවත්, ජනතාවගේ අවශ්‍යතාවය මෙවැනි නීති පද්ධතියක් තුළින් රට ඉදිරියට යාමටත් ඒ සඳහා ජනතාවගේ සහය රජයට නොඅඩුව ලැබෙන බවත් එය සාර්ථක කිරීමට තම ආමාත්‍යංශයේ සෑම සහයෝගයක්ම ලබා දෙන බවත් පැවසූ ඇමැතිවරයා මෙකී කාර්යය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු වෙනත් ආයතන තුළින් ලබා දෙන සහය සතුටින් පිළිගන්නා බවත්, නීතියේ ආධිපත්‍ය සුරකිමින් ප්‍රමාදයකින් තොරව ජනතාවගේ නීති ප්‍රශ්න විසඳාලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තම අමාත්‍යංශයේ අරමුණ බව ද පෙන්වා දුන්නේය.

මේ සාකච්ඡාව සඳහා අමාත්‍යංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා, අතිරේක ලේකම් නීතීඥ පියුමන්ති පීරිස් මහත්මිය, නීති උපදේශිකා දිල්හාරා අමරසිංහ මහත්මිය ද සහභාගි වූහ.

බුද්ධිකා ඉඹු­ලාන

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();