Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික ගුවන් සේවාවක වැදගත්කම වූහාන් සිද්ධියෙන් තහවුරු වුණා

Author(s): 
නිමල් රාජපක්ෂ

ඇමැති ප්‍රසන්න රණතුංග

"එක්සත් ජාතික පක්ෂය පහුගිය අවුරුදු 5 තුළම හැදුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණන්න. මත්තල විකුණන්න. අද රටට ඔප්පුවෙලා තියෙනවා ජාතික ගුවන් සේවාවක් රටකට තිබීමේ වැදගත්කම. පාඩු ලබමින් වුව ද ජාතික ගුවන් සේවය විදිහට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තිබූ නිසයි අපිට මේ මෙහෙයුම කරන්න පුළුවන් වුණේ. ඒ වගේම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ස්ථාපනය කර තිබූ නිසයි එය වඩාත් පහසු වුණේ. එක්සත් ජාතික පක්ෂය උත්සහ කළා මත්තලත් විකුණන්න වුහාන් මෙහෙයුමෙන් රටට තහවුරු වුණා රටකට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළකුත් අවශ්‍යයි කියලා. නමුත් රටේ ජාතික ගුවන් සේවයක් හා දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළක් තිබීමේ වැදගත්කම වුහාන්වල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒමේ සිද්ධියෙන් තහවුරු වුණා." යැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් වුහාන් ප්‍රදේශයේ සිටි ශ්‍රී ලංකීය සිසුන් ඇතුළු 33 දෙනා මෙරටට රැගෙන ඒම සදහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට ප්‍රණාමය පුද කරමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එමෙන්ම ඒ සඳහා කැපවූ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ වෙත ද ඇමැතිවරයා සිය ප්‍රණාමය පුද කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේ කීවේය. “හැමෝම බැනපු හැමෝම විවේචනය කරපු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්යමණ්ඩලය මේ සදහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූයේ වුහාන් ප්‍රදේශය වසා දැමීමෙන් පස්සේ අපේ රටට තමයි මුලින්ම අවස්ථාව ලැබුණේ. අපේ කණ්ඩායම ශ්‍රී ලංකාවට ගෙන්න ඒ ශ්‍රී ලංකා හා චීනය අතර පැවති මිත්‍රත්වය නිසායි. විශේෂයෙන්ම වත්මන් රජය චීනය අනුගමනය කරන මිත්‍රශීලි ප්‍රතිපත්තිය නිසයි. අපට මේ අවස්ථාව ලැබුණේ. අපි මේ ගුවන් යානයේ ගිය කාර්යමණ්ඩලයත් විශේෂ පරික්ෂාවකට ලක් කලා ඔවුන්ට විශේෂ පුහුණුවකුත් දුන්නා ගුවන් යානයත් විෂබීජානු හරණට ලක් කලා කර්යමණ්ඩලය සම්බන්ධයෙන් අපි තවදුරටත් ඉන්නේ අවධානයෙන් ඒ නිසා ඒ ගැන කිසිවෙකු බිය විය යුතු නැහැ.

මම දැක්කා එක්සත් ජාතික පක්ෂය කියනවා ආණ්ඩුව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට එන එක වලක්වන්න ගත්ත පියවර ප්‍රමාණවත් නැහැ කියලා පාස්කු ප්‍රහාරය එල්ල වන බව බුද්ධි අංශ කියද්ධි කිසිම පියවරක් නොගෙන මර නින්දේ හිටපු එක්සත් ජාතික පක්ෂය අද නින්දෙන් ඇහැරිලා කිඹුල් කදුළු හෙලනවා අඩු තරමේ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙවත් මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න මේ අය කටයුතු කළේ නෑ. අපේ ජනාධිපතිතුමා පත් වූ පසුවයි ඒ පියවර ගත්තේ. කොරෝනා වෛරසය ලෝකයේ ව්‍යාප්ත වෙන්න ගන්නවාත් එක්කම අපි ඒක රටට එන්න වලක්වන්න පියවර ගත්තා ජනාධිපතිතුමා අගමැතිතුමා සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ කටුනායක ගුවන්තොටුපළ මේ වෙනුවෙන් දිවා රැ නොබලා කැපවූවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();