Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

බෙල්ලන්විල රජමහා විහාරාධිකාරීව වැඩ විසූ අපවත්වී වදාළ, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමිපාණන්ගේ දෙවර්ෂපූර්ණ ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් (3) අද සඳු දින සවස 6.30ට විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී විශේෂ බෝධි පූජාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මේ ගුණානුස්මරණ පින්කමට සමගාමීව 2020 පෙබරවාරි 04 වන දින බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනම මඟින් සංවිධානය කරන අක්ෂි වෛද්‍ය සායනයක් ද 2020 පෙබරවාරි 11 වන දින සවස මිහිඳු මෙත් මැදුරේ නේවාසික රණවිරුවන් උදෙසා ධර්ම දේශනාවක්, රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ ත්‍යාග පාර්සල් බෙදා දීමක් ද සිදු කෙරේ.

එමෙන්ම ප්‍රජා සංවර්ධන පදනමේ ආදි සාමාජිකයන් විසින් 2020 පෙබරවාරි 02 වන ඉරු දින බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් ද සංවිධානය කර ඇත.

මෙයට අමතරව බෙල්ලන්විල විහාරස්ථ දායක සභාව විසින් 2020 පෙබරවාරි 16 වන දින ඇල්පිටිය, පිටිගල, මානම්පිට පුණ්‍යවර්ධනාරාමයේ දී ගම්වැසියන්ට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදාදීම, පාසල් දරුවන්ට අවශ්‍ය පොත් පත්, පොත් බෑග් හා නිල ඇඳුම් බෙදාදීමක් ද සිදු කරනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();