Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇම‍ෙරිකානු හමුදාව ලංකාවේ බින්න බහින්නේ කඳවුරු හදාගෙන නොවේ – ජාතික සමතා බලවේගය (Video)

ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ ගොදුරු බිමක් බවට පත්කිරීම සදහා ආණුඩුව විසින් දැනටමත් ගිවිසුම අත්සන් කර ඇති බව ජාතික සමතා බලවේගයේ කැදවුම්කරු රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ අද(31) පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් වීරසේකර මහතා මේ බව කියා සිටියේය.

ඇමෙරිකානු හමුදා කඳවුරු පිහිටවන්නේ නැති බවට රජය විසින් කරනු ලබන ප්‍රකාශ හාස්‍යයට ලක් කරමින් වීරසේකර මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේදී කොරියාවේ හෝ ජපානයේ මෙන් හමුදා කඳවුරු පිහිටවන්නේ නැති වුවත් මුළු රට ඇමරිකාෙරිකානු හමුදාවේ ගොදුරු බිමක් බවට පත් කිරීමට ආණ්ඩුව විසින් දැනටමත් ගිවිසුම් අත්සන් කොට ඇති බවය.

ඇමෙරිකාව විසින් 2018 අගෝස්තු 28 දින ඉදිරිපත් කළ ඉල්ලීමට ආණ්ඩුව විසින් එකඟතාවය පළ කිරීම නිසා ඒ මඟින් ගිවිසුමක් හැදෙන බව සඳහන් කළ ඒ මහතා ඒ බව ඇමෙරිකානු යෝජනාවේ 14 වැනි වගන්තියේ සඳහන් වන බවද අවධාරණය කළේය.

එම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඇමරිකානු හමුදාවේ යුද සැපයුම් කේන්ද්‍රයට සේවා සපයන ඇමරිකානු හමුදා සහ සිවිල් නිලධාරීන්ට මෙන්ම හමුදාවේ කොන්ත්‍රාත් කරුවන්ට ද තානාපති මුක්තිය ලැබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();