Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සීෂෙල්ස් උප ජනාධිපති අද දිවයිනට

සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතා නිල සංචාරක් සඳහා අද (31) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
 
දෙදින නිල සංචාරයක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
 
උප ජනාධිපතිවරයා සමඟ එරට අමාත්‍යවරුන් ඇතුළු දූත පිරිසක් ද මෙම සංචාරයට එක්වන බව සඳහන් වේ.
 
සිය සංචාරය තුළදී සීෂෙල්ස් උප ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය ඔක්තෝබර් මාසයේ දී සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරයක නිරත විය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();