Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඌව-බස්නාහිර පළාත් කඹ අදින්න ශූරයි

ජාතික මහා ක්‍රීඩා උළෙලේ කඹ ඇදීමේ රන් පදක්කම් ඌව හා බස්නාහිර පළාත් හිමිකර ගනිති. ටොරින්ටන් ක්‍රීඩා පිටියේ පෙරේදා පැවැති මෙහි පිරිමි අවසන් තරගයේදී පළමු වටයේ ජය බස්නාහිර පළාත දිනාගත්තද දෙවැනි හා තෙවැනි වට වල ජයග්‍රහණ බස්නාහිර පළාතට දැඩි අභියෝගයක් එල්ල කළ ඌව ක්‍රීඩකයෝ හිමිකර ගත්හ. පිරිමි අංශයේ ලෝකඩ පදක්කම උතුරු මැද පළාත සමත්වූ අතර ඔවුන් වෙතින් තරග වට 2-0ක පරාජයක් දකුණු පළාත ලැබීය. කාන්තා අවසන් තරගයේදී රන් පදක්කම බස්නාහිර පළාතට හිමි විය. බස්නාහිර ක්‍රීඩිකාවෝ තරග වට 2-0කින් වයඹ පළාත පහසුවෙන් පරාජය කළහ. කාන්තා ලෝකඩ පදක්කම උතුරු පළාතට හිමි විය. එහිදී උතුරු පළාත වෙතින් පරාජයට පත්වූයේ තරග වට 2- 0 කින් නැඟෙනහිර පළාතය. රටපුරා පළාත් 9ක් නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම් 18ක් මේ ජාතික තරගාවලියට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();