Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ පාසල් 35කට ක්‍රිකට් භාණ්ඩ

කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 35කට ක්‍රිකට් භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීම පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවෙයි. එක් පාසලක් වෙත ප්‍රදානය වූ ක්‍රිකට් භාණ්ඩ කට්ටලයක් තුළ ක්‍රිකට් පිති 2ක්, හිස්වැසුමක්, ක්‍රිකට් පා ආවරණ 3ක්, පිති අත් ආවරණ 2ක්, ටයි පෑඩ් 2ක්, කඩුලු රකින අත් ආවරණ 2, කඩුලු රකින්නාගේ පා ආවරණ 2ක් ඇතුළත්ව ඇති අතර එක් ක්‍රීඩා භාණ්ඩල කට්ටලයක වටිනාකම රු.75,000කි.

ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පෙරේදා පැවැති භාණ්ඩ ප්‍රදාන උත්සවයේදී ක්‍රීඩා ඇමැතිවරයා පැවැසූවේ ක්‍රිකට් ක්‍රීඩාව පාසල් කාලයේ සිටම ප්‍රගුණ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය උදව් කිරීමට බලාපොරොත්තුවන බවය.

“ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් පාසල් අවධියේ සිටම දරුවන් හුරු කරවීම, නිරෝගිමත්, ශක්තිමත් ක්‍රීයාශීලී දරු පරපුරක් බිහි කිරීමේ අපේ අරමුණයි. ළමා කාලය තමයි යම් පුද්ගලයෙක්ගේ හොඳම වකවානුව. මිනිස් ජීවිතේ පීඩනය වැඩිම කාලේ ළමා කාලය බවට පත් වෙලා. ඒ තුළින් දරුවන්ට ඒ පීඩනය දරාගන්න බැරි වුණාම නොයෙක් දේවල් වලට පෙළබෙනවා. ජීවිතේ නැතිකරගන්නා අවස්ථාවනුත් තියෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයා විදියට මම දැකපු දෙයක් තමයි සමහර දෙමව්පියන් ක්‍රීඩාවේදී දරුවන්ට දෙන පීඩනය කිසිසේත්ම සාධාරණ නැහැ. අද පාසල් මට්ටමේ ක්‍රීඩා කරන්නේ දිනන්න පමණක්ම නෙවේ. ශ්‍රී ලංකාවේ ජාතික මට්ටම නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන්. අද ලෝක ළමා දිනයේදී මම සියළුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා අපේ දූ දරුවන්ගේ මානසිකත්වය ආරක්ෂා කරන්න සියළුදෙනාම එක්විය යුතුයි කියලා. කැපවිය යුතුයි කියලා. දෙමාව්පියන්ගෙනුත් ඉල්ලා සිටිනවා දරුවන්ට පීඩා ගෙන දෙන ආකාරයට හැසිරෙන්න එපා කියලා” ඇමැවරයා පැවැසීය.

බෝමිරිය මහා විදුහල, සාලමුල්ල හෙන්රි ඔල්කට් විදුහල, මහරගම ජනාධිපති විදුහල, අනුලා විදුහල, බත්තරමුල්ල සී. එම්. එස්. පිරිමි පාසල, බත්තරමුල්ල ඉන්ද්‍රෙජා්තී විදුහල, කොට්ටාව සාන්ත තෝමස් විදහල, එස්. එස්. ජයසිංහ විදුහල, පිළියන්දල මධ්‍ය මහා විදුහල, දෙහිවල සාන්ත ජෝන් විදුහල, විද්‍යා විදුහල, රත්මලාන කදවල මහා විදුහල, ගල්කිස්ස උසස් කාන්තා විදුහල, සාන්ත මේරී විදුහල, බුද්ධඝෝෂ විදුහල, වේල්ස් කුමාර විදුහල, කවුඩාන ශ්‍රාස්තානන්ද විදුහල, පාතේගම රෝමානු කතෝලික විදුහල, හෝමාගම මහා විදුහල, මත්තේගොඩ විදයාදීප විදුහල, හෝමාගම මධ්‍ය මහා විදුහල, සිරි පියරතන විදුහල, ඩී. එස්. සේනානායක විදුහල, රත්නාවලී බාලිකා විදුහල, ඩිලා සාල් විදුහල, විවේකානන්ද මහා විදුහල, කොටහේන මධ්‍ය මහා විදුහල, ලුමිබිණි විදුහල, මිලාගිරිය සාන්ත පාවුලු බාලිකා විදුහල, අශෝක විදුහල, සාන්ත ජෝෂප් විදුහල හා කේරී විදුහල මේ ප්‍රදානයන් ලැබූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();