Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අලුත් පක්ෂ හදානෙ ගියාට වැඩක් නෑ… අවසානයේ එන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් – දුමින්ද

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරන්න වෙහෙස මහන්සි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් විදිහට යම් කනගාටුවක් හිතේ අමාරුවක් පසුගිය කාලය පිළිබඳව තිබූවද, හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුටත් වෙනම පක්ෂයක් ඇති කරන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න හෝ පක්ෂයෙන් එළියට යෑමට කිසිම අවශ්‍යතාවක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (31) අනුරාධපුරයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.

එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පෙබරවාරී 01 වැනි දින අනුරාධපුරයෙන් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අනුරාධපුරයෙන් ආරම්භ කරලා, මේ ආරම්භය අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමි පළාත් සභාවන් දක්වා මේ ජයග්‍රහණය ගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම අනුරාධපුරයෙන් තමයි සෑම ජයග්‍රහණයකටම මුල පුරලා තියෙන්නේ. මෙවරත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පාක්ෂිකයා ජයග්‍රහණය කරලා රට දිනවන ගමන අපි පෙබරවාරී මාසේ 01 වැනිදා අනුරාධපුරයෙන් අපි ආරම්භ කරනවා.

එදා ඉඳන් කථා කරපු දේවල් අපි අඩුවැඩි කරලා එකතු කරලා, තව සමහර දේවල් ඉවත් කරලා මේ සියලු දේවල් සිදු කරනවා.පහුගිය කාලය පුරාම අපි දීර්ඝ වශයෙන් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ සාකච්ජා කළා.

මේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ කටයුතු කරලා අපි කිසි විටකවත් වෙනත් පක්ෂයකට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන්නේ නෑ, දුමින්ද දිසානායක පසුගිය කාලය පුරාම පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා භය නැතිව, බොහෝම නිර්භීතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟපාර අපේක්ෂකයා වෙන්නෙත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියලා. ඒ වගේම අපේ අපේක්ෂකයා තමයි 2025 වනතුරු රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන්නෙත් කියලා යැයි පැවසිය .


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();