Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කැලණිය කාන්තා එල්ලේ කණ්ඩායම මැලේසියාවට

කැලණිය විශ්වවිද්‍යාලයීය කාන්තා එල්ලේ කණ්ඩායම මැලේසියාවේ ක්වාලලාම්පූර් විශ්වවිද්‍යාලයේ ආරාධනාවක් අනුව විදෙස් තරග සංචාරයට එක්වෙයි. අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ එල්ලේ ශූරතාව දිනාගත් කැලණිය විශ්වවිද්‍යාලයීය කාන්තා එල්ලේ කණ්ඩායම ඊයේ (29) මැලේසියාව බලා පිටත්ව යන අතර නායිකාව ලෙස දුලාංජලී රාජකරුණා මෙනවිය කටයුතු කරයි. කණ්ඩායමේ කළමනාකරු ලෙස කෞෂල්‍යා කරුණාරත්න මහත්මිය කටයුතු කරන අතර පුහුණුකරු ලෙස ධර්මදාස මීගොඩ මහතා එක්ව සිටී.

එල්ලේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මෙසේය: දුලාංජලී රාජකරුණා (නායිකාව), එච්. ඩී. දයාපතිරණ, සී. එන්. ආර්. රත්නායක, ජි.සරෝජනි, ටී. කේ. ටී. එච්. තෙන්නකෝන්, පි. ජී. එම්. දිල්රුක්ෂි, පී. කේ. එම්. අප්සරා, එම්. පි. යු. සඳවන්ති, එම්. ඒ. ඩි. ප්‍රනාන්දු, කල්පනා ඒකනායක, එම්. කේ. ඩී. පී. ජයතිලක, කේ. ඩබ්ලිව්. යසන්ති, එම්. ඒ. ඩී. යු. රණසිංහ, එස්. ජි. ඩී. සී. කුලතුංග, එම්. පී. යූ. මධුභාෂිණී, එම්. එම්. තිලකසිරි, පී. එස්. ඒ. ටී. නිලංගිකා, කේ. එම්. එච්. එස්. බණ්ඩාර, පී. ජී. අයි. එල්. කරුණාරත්න, ඩබ්ලිව්. ඩී. ආර්. කුලතුංග

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();