Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රිකට් ගිණුම් හා ක්‍රීඩා අරමුදල් විගණනය කිරීමට ඇමැති නියෝග

වසර 2016 සිට ගෙවීගිය වසරේ දෙසැම්බර් 12 දක්වා කාලය තුළ ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කරන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කර ඇත. එම විගණන වාර්තාව සති 02ක් ඇතුළත තමන් වෙත භාරදෙන ලෙස ක්‍රිකට් ආයතනයට කළ නියෝගයේ දැක්වේ. මෙමගින් පසුගිය කාලයේ සිදුවූ සියලු ගණුදෙනු පිළිබඳ විස්තර නිවැරදිව සමාලෝචනය කිරීම ඇමැතිවරයාගේ අපේක්ෂාවවී ඇත.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ක්‍රීඩා සංවර්ධන අරමුදල පිළිබඳ විගණනයක් සිදු කරන ලෙසටද ක්‍රීඩා ඇමැතිවරයා නියෝග කොට ඇත. ක්‍රීඩා සංවර්ධන අරමුදලේ මූල්‍ය තත්ත්වය සීග්‍රයෙන් පහළ වැටී ඇති හෙයින්, වියදම් සිදුවූයේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලීම මෙමගින් අරමුණු කෙරේ. ක්‍රීඩා අරමුදලට මහා භාණ්ඩාගාරයෙන් හා වාසනා සම්පත ලොතරැයිය අලෙවියෙන් මුදල් එක් රුස්වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ක්‍රීඩා සංගම්වලට මූල්‍ය ප්‍රතිපාදන ඇමැතිවරයාගේ අනුමැතියෙන් ප්‍රදානය වේ.

සිංගප්පූරුවේදී ආසියානු නෙට්බෝල් කිරුළ දිනාගත් ක්‍රීඩිකාවන්ට හා ඉන්දුනීසියාවේදී ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමිය යුතු වුවද, ක්‍රීඩා අරමුදලේ හිඟතාව ගැටලුවක් බවට පත්ව ඇත. කෙසේ වුවද ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට අවශ්‍ය කටයුතු යොදන බව ඇමැතිවරයා අවධාරණය කළේය.

ප්‍රින්ස් ගුණසේකර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();