Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සී.සී.සී කනිෂ්ඨයෝ 13න් පහළ ක්‍රිකට් ශූරතාව දිනති

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධාන කළ අවුරුදු 13න් පහළ ක්‍රිකට් පාසල් අතර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සී.සී.සී ක්‍රිකට් පුහුණු පාසල සමත් විය.

ලිනාල් සුබසිංහගේ නායකත්වයෙන් තරග කළ සී.සී.සී පිල පිට පිට මේ ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය විය. වෙළෙඳ සේවා සංගම් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී සී.සී.සී පිල හමුවේ වෙළෙඳ සේවා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්විය.

ජයග්‍රාහී කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස සී.සී.සී ක්‍රිකට් පුහුණු පාසලේ ප්‍රධාන පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහතා සමගින් මනෝජ් මිල්ලවිතානච්චි සහ ලසනත් කුමාර මහත්වරුද කටයුතු කළහ. ජය සංකේත ප්‍රදානය වෙළෙඳ සේවා සංගමයේ හිටපු සභාපති ක්‍රිස් ඔබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();