Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිවරණ කොමසාරිස්ගේ ඉල්ලා අස්වීමේ ප්‍රකාශය පිටුපස අදිසි හස්තයක් – මැදගොඩ අභයතිස්ස හිමි (Video)

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත් වීමට නොහැකි වුවහොත් තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වෙන බවට මහින්ද දේශප්‍රිය මහතාට පැවසීමට තිබුණේ මීට පෙර බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

ඊයේ(29) පැපිලියාන සුනේත්‍රාෙද්වී පිරිවෙනේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.

එතුමා මේ වන විට පරක්කු වැඩි බවත්, පරක්කු වී හෝ සත්‍ය තේරුම් ගැනීම වැදගත් බව ද අභයතිස්ස හිමියන් පැවසීය.

රටක ඡන්ද අයිතිය මංකොල්ල කනවා තරම් ජනතා පරමාධිපත්‍යයට හානි කරවීමක් තවත් නොමැති බව ද පැවසු උන්වහන්සේ මැතිවරණ කොමසාරිස්වරයා ගනු ලබන එම තීරණය ගැනීමට නොවැම්බර් මාසය තෙක් බලා සිටිය යුතු නොවන බවද සඳහන් කළේය.

එම තීරණය හෙට දිනයේ ම ගන්නේ නම් එය වටිනා බව ද උන්වහන්සේ පැවසීය.

කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස්වරයා නොමැතිව ඡන්දයක් පැවැත්විය නොහැකි බවත්, එනිසා අදිසි හස්තයකින් එතුමාව ක්‍රියාත්මක කරනවා ද යන්න ගැටළුවක් බව ද පැවසු අභයතිස්ස හිමියන් එතුමාගේ ප්‍රකාශය තුළ ඉඟි දෙකක් ප්‍රකාශිත වන බව ද පැවසීය.

ජනාධිපතිවරණයකට පෙර මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා අස්වීම තුළ ඡන්දයකට යෑම අසීරු වන බවත්, සමාජයේ ප්‍රශ්නයක් උඩුදුවමින් සිටින විට මෙවැනි තීරණයක් ගැනීමෙන් එහි අවධානය අඩුවන බව ද සඳහන් කළේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();