Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වතු නිවාස පේළියක ඇති වූ ගින්නෙන් පවුල් 12ක් අවතැන්

Author(s): 
අසේල කුරුළුවංශ

බගවන්තලාව පොලිස් වසමට අයත් රොබ්ගිල් වතුයායේ බොනකොට් කොටසේ වතු නිවාස පේළියක ඊයේ (29) පෙරවරු 11.45 ට ඇතිවූ ගින්නකින් වතු නිවාස 12 ක් සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි බගවන්තලාව පොලිසිය පවසයි.

ගින්න හට ගත් අවස්ථාවේ එහි පදිංචි වතු කම්කරුවන් තම රාජකාරියේ නිරතව සිට ඇති අතර ශීඝ්‍රයෙන් පැතිරුණු ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය හා අත්‍යවශය ලියැකියවිලිද විනාශ වී ඇතියි පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සහ‍යද ඇතිව ගින්න නිවා දමා තිබෙන අතර ඉන් පවුල් 12 කට අයත් සාමාජිකයින් 42 ක් අවතැන්ව ඇතැයි වතු පාලනාධිකාරිය පවසයි. ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත. අවතැන් වූ පිරිස එම වතුයායේ හින්දු කෝවිලක තාවකාලිකව නතර කිරීමට වතු පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත. ගින්නෙන් සිදුවූ හානියද මෙතෙක් තක්සේරු කර නොමැති බව බගවන්තලාව පොලිසිය පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();