Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොකු ලූනු ආනයනයට සීමා

Author(s): 
බුද්ධිකා ඉඹුලාන

ලොකු ලූනු ආනයන සීමා පැනවීමට අදහස් කර ඇතැයි කෘෂිකර්ම ඇමැති පී. හැරිසන් මහතා කියයි.

දඹුල්ල, පොළොන්නරුව, අනුරාධපුර, ගලේවල යන ප්‍රදේශවල ලොකු ලූනු නිෂ්පාදනය අතීතයේ හෙක්ටෙයාර් 7000ක ප්‍රමාණයක් සිදු කළ එය හෙක්ටෙයාර් 1000 දක්වා අඩුවී ඇති බවත් ඊට ප්‍රධාන හේතුව මෙරට ලොකු ලූනු අස්වැන්න නෙළන සමයේ පිට රටින් ලූනු ආනයනය කිරීම බවත් ඇමැතිවරයා පවසයි.

ඒ අනුව මෙරට ලොකු ලූනු අස්වැන්න නෙළන මාර්තු , අප්‍රේල් , මැයි යන කාලයේදී ලූනු ගෙන්වන සමාගම් වෙත ආනයන සීමා පනවා කෝටා ක්‍රමයක් හඳුන්වා දීමට තමන් මැදිහත්වන බව ඇමැතිවරයා අවධාරණය කරයි.

ලූනු තොග පිටින් අලෙවි කිරීමේදී දේශීය ලොකු ලූනු නිෂ්පාදකයා අතරමං වන නිසා රට තුළට ගෙන්වන ලූනු ප්‍රමාණය ගණනය කිරීමට සැළසුම් කර ඇත. සමාගම්වල තොග ලූනු අතිරික්ත මාර්තු සිට මැයි දක්වා නිදහස් නොකිරීමට කොන්දේසි පනවන බවටද ඇමැති. පී. හැරිසන් මහතා පැවසීය.

දේශීය ලොකු ලූනු ගොවියා ගොවිතැනෙන් ඉවත් වීමේ ප්‍රවණතාවක් පැවතියද තමා කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කරන තාක් එසේ නොවීමට වගා බලා ගන්නා බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ඉදිරියේදී මුං ඇට , කව්පි , කුරක්කන් ඇතුළු බෝග සඳහාද ආනයන සීමා පැනවීමට ද කටයුතු කෙරෙන බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();