Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යෞවන ක්‍රීඩා පාපන්දු අවසන් සටනට අම්පාර-බදුල්ල

ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධාන කරන 30 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ පාපන්දු අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් සමත් විය.

බදුල්ල විල්සන් ඩයස් ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේදී අම්පාර දිස්ත්‍රික්කය විසින් අවසන් පූර්ව තරගයේදී ගාල්ල දිස්ත්‍රික්කය පරාජයට පත් කළ අතර වවුනියාව දිස්ත්‍රික් පිල පරාජයට කරමින් බදුල්ල අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති තරගාවලියට දිවයිනේ දිස්ත්‍රික් 25 නියෝජනය කරමින් ක්‍රීඩකයන් 500කට ආසන්න පිරිසක් එක්ව සිටියහ. ඌව පළාත් විපක්ෂ නායක ර.මු.රත්නායක මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ. ගාල්ල සහ වවුනියාව අතර පැවැති තෙවැනි ස්ථානය සඳහා වන තරගයෙන් ජය හිමිකර ගැනීමට ගාල්ල දිස්ත්‍රික්කය සමත් විය. අම්පාර සහ බදුල්ල අතර අවසන් මහා තරගය 30 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේදී පැවැත්වේ.

මීගහකිවුල සමූහ - එන්.නවරත්න ටී.කේ.මහින්ද

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();