මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනය කර සිටී.
ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිළිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දන්වා තිබේ.
ගිනි කොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට සුළි සුළඟක් (LUBAN) දක්වා වර්ධනය වී ඇති අතර උතුරු අක්ෂාංශ 12.3 ත් නගෙනහිර දේෂාංශ 62.4 ත් ආසන්නයේ මේ වන විට ස්ථාන ගතව ඇති අතර එය කොළඹ සිට කි.මී 2000 ක් පමණ දුරින් පවතින බව සඳහන් වේ.
මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ඉදිරි පැය 24 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන අතර බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බව පැවසේ.
මෙම පිහිටිමේ සිට කි.මි 100 ත් කි.මි 200 ත් අතර ප්‍රදේශයේ ඉතා තද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි/ඉතා රළු මුහුදු ප්‍රදේශ,ඉතා තද සුළං ඇති වේ.
මෙම මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතු වලින් වැලකි සිටින ලෙස දැනුම් දී තිබේ.
The post ධීවර හා නාවුක ප්‍රජාවට අනතුරු ඇඟවීමක්. appeared first on Lanka News Column.
0 Comments