Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විජයකලා මහේෂ්වරන්ට ඇප.

Vijekala

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නඟා සිටුවිය යුතු බවට උතුරේ පැවැති පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී  ප්‍රකාශයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද(08) පෙරවරුවේ අත්අඩංගුට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන්  ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කර ඇති බව වාර්ථා වේ.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා අධිකරණයට  දන්වා ඇත්තේ පරීක්ෂණ කටයුතු අවසන් කර නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම සැකකාරිය අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

එමෙන්ම සැකකාරිය රිමාන්ඩ් භාරයට පත් කරන මෙන්ද මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා ඇත්තේ සැකකාරිය රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා ඉදිරිපත් කරන හේතු මොනවාද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර  ඇත්තේඑවැනි සුවිශේෂ කරුණු කිසිවක් නොමැති බවත් මෙම සැකකාරිය මහජන නියෝජිතවරියක බැවින් අධිකරණය මඟ හැර යා හැකි බවට පූර්ව නිගමනයක් ඇති කරගත හැකි බවයි.

කෙසේ වෙතත් සාම්ප්‍රදායික ලෙස ඉල්ලා සිටින ආකාරයට මෙම සැකකාරියද රිමාන්ඩ් බවට පත් කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණය ඉල්ලා තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක  සැකකාර විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහැර ඇති අතර පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 7 වනදා කැඳවීමට නියම කර ඇත.

එදින සැකකාරිය සම්බන්ධයෙන් ගන්නා නීතිමය ක්‍රියාමාර්ගය මොනවාද යන්න අධිකරණය දැනුවත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම් දී තිබේ.

The post විජයකලා මහේෂ්වරන්ට ඇප. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();