Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කිරි ගවයන් ගෙන්වන්නේ අභිජනනය කිරීමටයි: අසාර්ථක ව්‍යාපෘතියකට නොවේ

Author(s): 
සිතාරා සේනානි

පසුගිය රජය මෙන් වත්මන් රජය කිරි ගවයන් විශාල වශයෙන් පිටරටින් ගෙන්වා එම ගවයන් ගොවීන් අතර බෙදා දී අසාර්ථක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යන බවට වැරැදි මතයක් ඇතැම් මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරෙමින් පවතින බවත්, මෙම සතුන් ගෙන්වීමට යෝජනා වී තිබෙන්නේ ගොවීන් අතර බෙදා දීමට නොව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපළවල අභිජනනය කිරීමට බවත්, උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

මෙරට කිරි ගොවීන්ගේ නිමවුම, ආදායම, සේවා නියුක්තිය හා මිල මට්ටම යනාදී සියලු සාර්ව ආර්ථක ක්ෂේත්‍රයන්ට අදාළව හිතකර බලපෑමක් ඇති කිරීමට ජාතික කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් සෞභාග්‍යා ජාතික සත්ව නිෂ්පාදන වැඩසටහනට සමගාමීව සැකසුණු සැලසුම් සහිතව කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන ඇමැති චමල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩලයට යෝජනා කළ කළ බව ද ඇමැතිවරයා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ සෞභාග්‍යා වැඩසටහන දේශීය කිරි කර්මාන්තය සහ කිරි ගොවියා ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ(01) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

එහිදී අදහස් දැක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

ඇමැති චමල් රාජපක්ෂ මහතා කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන ඇමැතිවරයා වශයෙන් සෞභාග්‍යා සත්ව නිෂ්පාදන වැඩසටහනට සමගාමීව දේශීය කිරි කර්මාන්තය සංවර්ධනය කිරීමේ වැඩසහනක් පිළිබඳ කැබිනට පත්‍රිකාවක් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා. පසුගිය කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙන් පසු ඒ කැබිනට් පත්‍රිකාව පිළිබඳ විශාල වැරදි මතයක් ඇතිව තිබෙනවා. කිරි ගවයන් විශාල වශයෙන් ගෙනැවිත් පසුගිය රජය මෙන් එම ගවයන් ගොවීන් අතර බෙදා දි අසාර්ථක ව්‍යාපෘතියක් කරන්න යන බවට එහිදී අදහස් පළ වුණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා අපේ රටේ සම්පත් සහ අපේ රටේ ජනතාව මත වැඩි විශ්වාසය රඳවමින් මේ රටේ නිෂ්පාදනය කළ හැකි සියලුම භාණ්ඩ හා සේවා රට ඇතුලේ නිෂ්පාදනය කර ගැනීම සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට. ඒ යටතේ තමයි එම වැඩසටහන සකස් කර තිබුණේ. කොවිඩ් 19 වසංගතය හේතුකොට ගෙන ඒ ඒ අවස්ථාවලදී විය යුතු ක්‍රියාකාරීත්වයන්, තවම අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකළ නිසාත්, සමහර මූල්‍ය වියදම් පිළිබඳ සීමා පැවතීම නිසාත්, ඒ වැඩකටයුතු සැලසුම් කිරීම හැර ක්‍රියාත්මක කිරීමක් මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ නෑ. ඒ සැලසුම්කරණයට සහ ව්‍යාප්තිය සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා ගෙන ඒ සඳහා අවශ්‍ය රාජකාරි කටයුතු කිරීම සඳහා තමයි ඇමැතිවරු කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්නේ. චමල් රාජපක්ෂ ඇමැතිතුමා කැබිනට් මණ්ඩලයේදී බොහොම පැහැදිලිව සඳහන් කළා ව ර් ෂ ය ක ට අපේ රටට කිරි පිටි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ගෙන ඒම වෙනුවෙන් රුපියල් කෝටි 557ක් පමණ ව ර් ෂ ය ක ට වියදම් වන බව. මෙතරම් විශාල මුදල් කන්දරාවක් යැවෙන්නේ වෙනත් රටවල ගොවීන් පොහොසත් කිරීම සඳහායි. අපේ රටේ කිරි ගොවීන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටිනවා. ඔවුන්ගේ නිමවුම, ආදායම, සේවා නියුක්තිය, මිල මට්ටමන යනාදී සියලු ම සා ර් ව ආ ර් ථි ක ක්ෂේත්‍රයන්ට හිතකර බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් ලෙස ජාතික කිරි නිෂ්පාදනය වැඩිකිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා. ඒ සඳහා විශ්වවිද්‍යාලවල සහ වෙනත් රටවල අධ්‍යාපනය ලබා, ආ චා ර් ය උපාධි ලබා වඩා සුදුසු තැනැත්තන් ඒ විෂය භාරව කටයුතු කිරීමට පත් කර තිබෙනවා.

ජාතික පශු සම්පත් සං ව ර් ධ න මණ්ඩලයේ සභාපති, සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි ක ර් ම පීඨයේ හිටපු පීඨාධිපති ආ චා ර් ය මංජුල පී. සුමිත් මාගමගේ මහතා-

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යා සත්ව නිෂ්පාදන වැඩසටහනට සමගාමීව මෙරට සත්ව නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ජාතික පශු සම්පත් සං ව ර් ධ න මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා. මේ රට කිරිවලින් ස්වයංපෝෂිත කරන්නේ කොහොමද කියන කාරණය වෙනුවෙන් පසුගිය මාස හයක කාලය ඇතුළත සාකච්ඡා කළා. පසුගිය රජය සමයේ මේ රටට කිරි දෙනුන් ආනයනය කර ආන්දෝලනාත්මක කාරණා ගණනාවක් සිදුව තිබුණා. 2018 අප්‍රේල් මාසයේ නැවතත් ඒ සඳහා යම් කිසි මුදල් ගෙවීමක් කර තිබෙනවා. අපි පැහැදිලිවම කියන්න ඕනෑ මේ රටේ කිරි ගොවිතැන නංවාලීම සඳහා ඇති ප්‍රධානම ගැටලුව සතුන්ට ආහාර නැතිකමයි. සතුන්ගේ ආහාර නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රවේශයක් වහාම ලබා ගත යුතුයි. ගවයන්ට ආහාර වශයෙන් 70%ක් තෘණ ද, 30%ක් සාන්ද්‍ර ආහාර ද ලබා දිය යුතුයි. කෘෂි ක ර් ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ.එම්.එස්. ඩග්ලස්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();