අර්ථ සාධක අරමුදල පෞද්ගලික සමාගම් හතරකට මෙහෙයවීමට ලබා දීමටත් කොටස් වෙළදපොළ තුළ ආයෝජනය කිරීමටත් රජය කැබිනට පත්‍රිකා සකස් කරන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව ප්‍රකාශ කර සිටී. ඔහු මෙලෙස ප්‍රකාශ කර සිටියේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
තවද මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙම අරමුදලෙන් 4%ක ප්‍රමාණයක් මූල්‍ය ආයතන තුළ ආයෝජනය කර ඇති බවත් එයින් ලැබෙන පොලිය 7% ක් බවත් මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය මඟින් 11%ක පොලියක් ලැබූ බවද සඳහන් කර සිටී.
මෙමඟින් 4% පාඩුවක් අර්ථ සාධක අරමුදලට දැනටමත් සිදුවී ඇති බැවින් අර්ථ සාධක හිමිකම් සඳහා විරෝධය දැක්වීමට පෙළගැසිය යුතු බවත් සඳහන් කර සිටී.
The post අර්ථ සාධක අරමුදල පෞද්ගලික මූල්‍ය ආයතනවල ආයෝජනයට සැලසුමක්. appeared first on Lanka News Column.
0 Comments