Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමාජය පිරිහීමට හේතුව ඇමතිනිය විමසයි.

Minister_Thlatha_13

වසර 42 කට ඉස්සෙල්ලා පුද්ගලයෙක් එල්ලලා මැරුවයින් පස්සේ නැවතත් එල්ලා මරණ එකක් ගැන කථා කරන්නේ ඇයි දැයි හා මේ විදිහට සමාජය පිරිහිලා තියෙන්නේ ඇයි දැයි  අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ ප්‍රකාශ කර සිටී.  අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 2500 ක වියදමකින් ඉදි කිරීමට නියමිත රත්නපුර නව අධිකරණ සංකීර්ණය සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය,

මේ රත්නපුර නගරය වෙනත් ස්ථානයකට ගෙන යන්න එවකට ජනාධිපති ගරු ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාට අවශ්‍යතාවය තිබුණා.මොකද රත්නපුර නගරය නිතරම ගංවතුර උවදුරට ලක් වුණා. ඒ අනුව එවකට ගරු අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමාගේත් මැදිහත්වීමෙන් රත්නපුර උසාවි සංකීර්ණය 1984-85 වර්ෂවල වගේ එවකට ජනාධිපති ගරු ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා විසින් විවෘත කළා. ඒ වසර 33 කට ඉස්සෙල්ලා .ඒත් එදා වගේ නෙමෙයි අද තාක්ෂණික වශයෙන් දියුණු වෙලා අවශ්‍යතාවයන් වැඩි වෙලා ජනගහනය වර්ධනය වෙලා ඉදිරියට ඇවිත් තියෙනවා. ඒ අවශ්‍යතාවයන් අනුව කටයුතු කරන්න අද සිදු වෙලා තිබෙනවා. ඒ අනුව මේ නව අධිකරණ සංකීර්ණය ඉදි කරන්න ගරු මුදල් අමාත්‍යතුමා විසින් මුදල් වෙන් කරලා තියෙනවා. හැබැයි ඉතිං ඇතැම් නීතීඥවරුන් විසින් මොකද මේ තරම් හොද අධිකරණ සංකීර්ණයක් තියෙද්දිත් මුදල් නාස්ති කරන්නේ ඇයි කියලා ලියුම් කෑලි එහා මෙහා යවලා තියෙනවා. මුදල් ඇමතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන මොකද මේක නිකං පොඩි ගොඩනැගිල්ලක් නෙමෙයි රුපියල් ලක්ෂ විසි පන්දාහක සංකීර්ණයක් මිලියන දෙදහස් පන්සීයක් ලබා දීලා තියෙනවා. මේ නව අධිකරණ සංකීර්ණය සදහා සති දෙකෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් මැදිහත්වීමෙන් ලබා දුන්නා. අපි ලබන සැප්තැම්බර් මස 03 වැනිදා කිලිනොච්චිය නව අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීම අගවිනිසුරුතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනවා.මේ වන විට මාන්කුලම මුලතිව් යාපනය අධිකරණ සංකීර්ණවල ඉදි කිරීම් සිදු කරනවා.

ඒවා ලබන වසර මැද වන විට අවසන් කළ හැකියි. අපි ඔක්තෝම්බර් මුල් සතිය තුළදී කොළඹ අධිකරණ 40 කින් සමන්විත කොළඹ නව සංකීර්ණයේ වැඩ ආරම්භ කරනවා. අපේ රටේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා හත් ලක්ෂ විසි පන් දහසක පමණ නඩු සංඛ්‍යාවක් ගොඩ ගැහිලා තියෙනවා යැයි ද අමාත්‍යවරිය සදහන් කළාය.

මම අධිකරණ විෂය භාර ඇමතිවරිය මිසක් අධිකරණයේ නායකයා නෙමෙයි. සමහර අය හිතා ගෙන ඉන්නවා රටේ තියෙන සියලු අධිකරණ ප්‍රශ්න විසදන්නේ අධිකරණ ඇමති කියලා . ඒක වැරදි මතයක්. එහෙම වෙච්ච යුගයක් තිබුණා. අපි ඒ යුගය අවසන් කරලා තියෙන්නේ. මට භය නැතිව කියන්න පුළුවන් ඕන කෙනෙක් ඉස්සරහ උත්තර දෙන්න පුළුවන් අධිකරණයේ ස්වාධීනත්වය අපි උපරිම වශයෙන් ඇති කරලා තියෙනවා. අගවිනිසුරුතුමාගේ නායකත්වය යටතේ එය තහවුරු කරලා තියෙනවා. මෙතන ඉන්න විනිසුරුතමාලාට සතුටු වෙන්න පුළුවන් අගවිනිසුරුතුමාගේ නායකත්වය පිළිබදව. දැන් මෙතන කථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිතුමා කිවුවා වගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර ගෙන කටයුතු කරන නීතීඥයෝ වෙන්න ඕන. ප්‍රමාද වෙලා තිබුණු දේ කිහිපයක් පිළිබදව සාකච්ඡා කරන්න අපි පසු ගිය දිනවල රටේම නීතිඥ සංගම් රැස් කළා. ඒ අවස්ථාවලදී සමහර අය කථා කරන විදිහ හැසිරෙන විදිහ දැක්කහම අපි ඉතිහාසයේ දැකලා තියෙන මහා නීතිඥවරු දැක්කහම අපට සැකයක් ඇති වෙනවා ඇයි මෙහෙම වෙලා තියෙන්නේ නීතිඥ වෘත්තියට කියලා. මේ පිළිබදව ගරුත්වය ආරක්ෂා කරන එක නීතිඥයන්ගේ වගකීමක්. මම එහෙම කියන්නේ මේ අධිකරණ සංකීර්ණය ඉදි කිරීම පිළිබදව නොයෙකුත් දේවල් ලියලා යවලා තිබුණා. මටත් පිටපත් යවලා තිබුණා. හැබැයි එහෙම තත්වයට නීතීඥවරු පත් වෙන්න එපා. ගරුත්වය ආරක්ෂා කර ගන්න. වෘත්තීය ගරුත්වය ඉදිරියට එන නීතීඥවරුන්  ආරක්ෂා කලේ නැත්නම් අධිකරණයේ ස්වාධීනත්වය අපි කොයි තරම් හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. අපි දේශපාලනය කරන්නේ බලය ලබා ගැනීමට නෙමෙයි.රටේ ජනතාවගේ අවශ්‍යතාවයට පමණයි අපි කටයුතු කරන්නේ. දේශපාලනය කරන කාලෙට දේශපාලනය කරනවා අකමැති අයට අපිව වෙනස් කරන්න පුළුවන් යැයිද අමාත්‍යවරිය සදහන් කළාය.බන්ධනාගාර තුළ සිදු වන දේවල් සම්බන්ධයෙන් ගන්න තීරණ පිළිබදව කවුරු මොනවා කිවුවත් මට ප්‍රශ්නයක් නැහැ. මගේ නායකයෝ දෙන්නා කියනවා නම් විතරයි මට ප්‍රශ්නය තියෙන්නේ. මං ගන්න තීන්දු තීරණ පිළිබදව. වසර 42 කට ඉස්සෙල්ලා පුද්ගලයෙක් එල්ලලා මැරුවයින් පස්සේ නැවතත් එල්ලා මරණ එකක් ගැන කථා කරන්නේ ඇයි .මේ විදිහට සමාජය පිරිහිලා තියෙන්නේ ඇයි. මොකක්ද වුණු වරද අපි තම තමන්ගේ ආගම දහම අනුව පන්සිල් පද පහ  අනුගමනය කරමින් ජීවත් වීම ඉතා වැදගත් බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

මෙම නව අධිකරණ සංකීර්ණය තුළ මහෙස්ත්‍රාත් අධිකරණ 02 ක් ,දිසා අධිකරණ 02 ක් ,මහාධිකරණ 03 ක්, කම්කරු විනිශ්චය සභා 01 කින් සමන්විත වන අතර වසර තුනක් ඇතුළත ඉදි කිරීම් අවසන් කිරීමට නියමිතයි.

 

The post සමාජය පිරිහීමට හේතුව ඇමතිනිය විමසයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();