Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැරදි සිදු කිරීමට පෙර කල්පනා කළා නම් අද බන්ධනාගාරවල පසු තැවෙන්න ඕන නැහැ. – ඇමතිනිය කියයි.

 

Thalatha atukorala

වැරදි සිදු කිරිමට පෙර කල්පනා කළා නම් අද සිර ගෙවල් වල පසු තැවීමට අවශ්‍ය නොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥය තලතා අතුකෝරළ පවසයි.  පල්ලෙකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ කටයුතු නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

එහිදී අමාත්‍යවරිය බන්ධනාගාරයේ රැදවියන් හමුවෙමින් ඔවුන්ට පවතින ගැටළු පිළිබදව විමසමින් ඒ සදහා ලබාදිය හැකි විසදුම් එම අවස්ථාවේම ලබාදීමට ද කටයුතු කළාය.

විශේෂයෙන් රැදවියන්ට පවතින සුභ සාධන කටයුතු පිළිබදව අවධානය යොමු කළ අධිකරණ අමාත්‍යවරිය සදහන් කළේ ඉදිරියේදී රැදවියන්ට ලබා දෙන සුභ සාධන පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවයි.

රැදවියන් සමග සාකච්ඡා කළ අධිකරණ අමාත්‍යවරිය සදහන් කළේ වැරදි සිදු කිරිමට පෙර කල්පනා කළා නම් අද සිර ගෙවල් වල පසු තැවීමට අවශ්‍ය නොවන බවයි.

සමාජයේ අනෙක් පුද්ගලයින් ද අපරාධවැරදි සිදු කිරීමට පෙර කල්පනා කළ යුතු බවත් හිදිසි තීරණ ගෙන කටයුතු සිදු කළ හොත් සිරගෙවල් වල පසු තැවීමට සිදු වන බවත් අමාත්‍යවරිය සදහන් කළාය .

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ නව රෝහල හා අනෙකුත් ගොඩනැගිළි ඉදි කිරීම පිළිබදව ද අමාත්‍යවරිය නිරීක්ෂණය කළාය. ඒවායේ ඉදි කිරීම් කඩිනමින් සිදු කර රැදවියන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට අමාත්‍යවරිය උපදෙස් ලබා දුන් අතර මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පිරිසක් එක් විය.

The post වැරදි සිදු කිරීමට පෙර කල්පනා කළා නම් අද බන්ධනාගාරවල පසු තැවෙන්න ඕන නැහැ. – ඇමතිනිය කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();