Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිවු වැනිදාට නව තරග වාර්තා 36ක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර
වසර 17ක් පැරණි 18න් පහළ බාලක මීටර් 800 වාර්තාව බිඳ දැමූ සූරියවැව ජාතික පාසලේ දිනූෂ චමිදුක ද සිල්වා/16න් පහළ බාලිකා මීටර් 800 නව වාර්තාවක් බිහිකළ හම්බන්තොට සූරියවැව ජාතික පාසලේ බිනාදි මල්ෂා තරගය නිමකළ අයුරු./16න් පහළ මීටර් 800 බාලක ඉසව්වේ නව වාර්තාව පිහිටවූ වලල ඒ රත්නායක විදුහලේ ජී.පී.එස්.කුමාර

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා
අද අවසන් දිනයේ සමාප්තිය ජනපති ප්‍රධානත්වයෙන්

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සිවුවැනි දිනය නිමාවෙද්දී නව තරග වාර්තා 6ක් බිහි වෙයි. ඒ අනුව කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙතෙක් නිමාවූ දින හතරේ ප්‍රතිඵල අනුව මලල ක්‍රීඩා නව තරග වාර්තා 36ක් බිහිව ඇත.

අද මේ මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වන අතර ප්‍රධාන ආරාධිත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානය සිදු කෙරේ. අද දිනයේ අවසන් තරග 17ක් පැවැත්වීමට නියමිත අතර අනතුරුව සමාප්ති සමාචාරය පැවැත්වීමට කටයුතු සැලසුම් කොට ඇත.ඊයේ දිනයේදී වසර 17ක් පැරණි 18න් පහළ බාලක මීටර් 800 වාර්තාව බිඳ හෙළීමට සූරියවැව ජාතික පාසලේ දිනූෂ චමිදුක ද සිල්වා සමත්වීම කැපී පෙණුනි. ඔහු විසින් එම ඉසව්ව විනාඩි 1:54.74කින් නිමකළ අතර එහි පැරණි වාර්තාව 2001දී වලල ඒ රත්නායක විදුහලේ මනෝජ් පුෂ්පකුමාර විනාඩි 1:56.3කින් පිහිටුවා තිබුණි.

වසර 2006දී මියුසියස් විදුහලේ දේවින්දී මධුරප්පෙරුම මී. 11.82කින් පිහිටුවා තිබූ 18න් පහළ බාලිකා යගුලිය විසි කිරීමේ ඉසව්වේ තරග වාර්තාව කොළඹ කාන්තා විදුහලේ ශරීෂා ගුණසේකර මීටර් 13.00කින් ඊයේ මකා දැමීමද කැපී පෙණුනි.

මේ වනවිට සමස්ත තරගාවලියේ කනිෂ්ඨ බාලිකා මලල ක්‍රීඩා ශූරතාව ලකුණු 14ක් ලබාගත් කොට්ටාව ධර්මපාලවිදුහල, ජ්‍යෙෂ්ඨ බාලිකා මලල ක්‍රීඩා ශූරතාව ලකුණු 141ක් ලබාගත් වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල කනිෂ්ඨ බාලක මලල ක්‍රීඩා ශූරතාව ලකුණු 17ක් ලබාගත් සාන්ත පීතර් විදුහල, ජ්‍යෙෂ්ඨ බාලිකා මලල ක්‍රීඩා ශූරතාව ලකුණු 141ක් ලබාගත් සාන්ත පීතර් විදුහල සිවුවැනි දිනය නිමාවෙද්දී ඉදිරියෙන් සිටිති.

ඊයේ පිහිටවූ නව තරග වාර්තා මෙසේය:

18න් පහළ බාලිකා යගුලිය විසි කිරීම - ශරීෂා ගුණසේකර කොළඹ කාන්තා විදුහල මීටර් 13. 00 (පැරණි වාර්තාව දේවින්දී මධුරප්පෙරුම මියුසියස් වි. මී. 11. 82)

18න් පහළ බාලක මීටර් 800 - දිනූෂ චමිදුක ද සිල්වා සූරියවැව ජාතික පාසල විනාඩි 1:54.74 (පැරණි වාර්තාව මනෝජ් පුෂ්පකුමාර වලල ඒ .රත්නායක මධ්‍ය මහා වි. වි. 1:56.3 )

16න් පහළ බාලිකා මීටර් 800 - බිනාදී මල්ෂා සූරියවැව ජාතික පාසල විනාඩි 2: 16. 19 (පැරණි වාර්තාව නෙත්මි නිම්සරා ගුරුගොල්ල වීරසිංහ මහා වි.)

16න් පහළ බාලක මීටර් 800 - ඣී. පී. එස්. කුමාර වලල ඒ .රත්නායක මධ්‍ය මහා විදුහල විනාඩි 2: 00. 68 (පැරණි වාර්තාව එන්. ඩී. බුලුගහපිටිය බෙවරෙස්ට් විදුහල විනාඩි 2:00.73)

18න් පහළ බාලිකා රිටි පැනීම - අශ්වර්යා අයුෂදී වික්‍රමසේකර මීගමුව නිව්ස්ටඩ් විදුහල මීටර් 3.12 (පැරණි වාර්තාව එස්. එච්. කේ. ධර්මරත්න වලල ඒ.රත්නායක මධ්‍ය මහා වි. මී. 3.11)

16න් පහළ බාලක උස පැනීම - ලිනූක දෙවන්සිත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල මීටර් 1.90 (පැරණි වාර්තාව දිනුර ජයලත් සාන්ත පීතර් වි. මී. 1.89)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();