අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය මැයි මස 08 දින ආරම්භ කිරීමට නියමිතය.
අටවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය 2015 සැප්තැම්බර් 02 දින ආරම්භ කළ අතර 2018 අප්‍රේල් 12 දින ජනාධිපතිවරයාගේ බලතල අනුව අවසන් කර මැයි 08 දින දක්වා කල් තැබීය.
සභාවාරය අත්හිටුවීමෙන් පාර්ලිමේන්තුවට නිසි පරිදි ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත්වලට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් කෝප් කමිටුව, කෝපා කමිටුව විසුරුවා හැරෙන බවත් දෙවැනි සභාවාරය ආරම්භ කිරීමෙන් පසුව නව නිලධාරින් ඊට පත් කළ යුතු බවත් නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාවාරය අවසන් කරමින් දෙවැනි සභාවාරයට දින නියම කර ඇත.
පළමු සභාවාරය අවසන් කිරීමෙන් පසුව පාර්ලිමේන්තු කාරක සභා විසුරුවා හැරෙන බවත් ආංශික අධීක්ෂණ කාරක සභා දහසය(16) ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවත් නීල් ඉද්දවල මහතා දිනමිණ කළ විමසීමේදී පැවසීය. පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී නිසි පරිදි ඉදිරිපත් කර න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති පනත් කෙටුම්පත් ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවද ලේකම්වරයා පෙන්වා දුන්නේ ය.
0 Comments