සිංහල හින්දු අලුත් අවුරුදු දින තුන තුළ එනම් පැය 72 ක කාලයක් තුළ රට පුරා රථවාහන පොලිසිය සිදු කළ මෙහෙයුම් වලින් මාර්ග නිති උල්ලංගණය කරමින් මාරක අනතුරු දක්වා වැරදි කළ පුද්ගලයන් විසි දහසකට අධික පිරිසක් පොලිස් දැලට හසු වි තිබේ.
මෙතරම් පිරිසක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 12 වැනිදා පෙරවරු 6 සිට13 වැනිදින පෙරවරු 6 දක්වාත්, 13 වැනි දින පෙරවරු 6 සිට 14 වැනිදා පෙරවරු 6 දක්වාත්, 14වැනිදා පෙරවරු 6 සිට 15 වැනිදා පෙරවරු 6 දක්වාත් වු කාලය තුළ සිදු කරන ලද මෙහෙයුම් වලින් බව පොලිසිය කියයි
මේ අනතුරුවලින් පුද්ගලයන් 36 දෙනෙක් මිය ගොස් තිබේ. බරපතල තුවාල ලැබු පිරිස 36 ක් වන අතර සුළු තුවාල ලැබු පිරිස 94 ක් වෙයි. දේපල අලාභ හානි සිදුවු ප්රමාණය 110ක් වෙයි. බීමත්ව රිය පදවා පුද්ගලයන් පන්සිය තිස් පස් දෙනෙක් අත් අඩංගුවට පත්ව තිබේ. මාර්ග නීති කඩකළ පුද්ගලයන් 3659 දෙනෙක් ද අත් අඩංගුවට පත්වූහ. 4475 දෙනෙක් 12 වැනි දින මාර්ග නිති කඩකර පොලිසියට කොටු වු අතර වෙනත් වැරදි සම්බන්ධයෙන් 4440 දෙනෙක් පොලිසියට කොටු වි තිබේ. එදින අධික වේගයෙන් රිය පදවා කොටු වු ප්රමාණය 385ක් වෙයි. එදින හිස් වැසුම් නොමැතිව යතුරු පැදි පැදවු ප්රමාණය 892ක් මෙසේ 12 වැනිදා පොලිසියට කොටු වී ඇත. ඒ අනුව 12 වැනිදා පොලිසියට කොටු වී ඇති සහ නඩු ගැන්වී ඇති පිරිස 10147 ක් බවද පොලිසිය කියයි.
13 වැනිදා පොලිසියට කොටු වු සහ නඩු ගැන්වී ඇති ප්රමාණය 6828 ක් වෙයි. 3285 දෙනෙක් 14 වැනිදින අත් අඩංගුවට ගෙන ඇත. මේ අනුව දෙදින තුළ සමස්ත අත් අඩංගුවට පත්ව ඇති ප්රමාණය විසි දහස ඉක්මවා ගොස් ඇත. පොලිස් මුලස්ථාන රථ වාහන අංශය පෙන්වා දෙන්නේ 12 වැනිදින පෙරවරු 6 සිට 13 දින පෙරවරු 6 දක්වා කාලය තුළ පමණක් දසදහසකට අධික පිරිසක් පොලිසියට කොටු වි ඇති බවයි. තවද මිය ගොස් ඇති 36 දෙනාගෙන් වැඩි දෙනෙක් මිය ගොස් ඇත්තේ බීමත් රියදුරන් අතින් බවද වාර්තා වෙයි. බීමත්ව රිය පදවා ඇති පිරිස අතර තරුණයන් විශාල පිරිසක් සිටින බවද වාර්තා වෙයි. රථවාහන වැරදි කළ පුද්ගලයන් විශාල පිරිසක් මේ ආකාරයෙන් අත් අඩංගුවට පත්වෙද්දි පසු ගිය උත්සව සමය තුළ සාප්පු සවාරිවල යෙදුණු පාරිභෝගිකයන්ගේ මුදල් පසුම්බි සොරා ගැනීම, සාප්පු වල රෙදි පිළි මුදල සොරා ගැනීම, ගැට කැපීම ඇතුළුව වැරදි කළ පුද්ගලයන් දෙදහසක පමණ පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ. මොවුන් අත් අඩංගුවට ගැනිම සඳහා පොලිසිය සිවිල් ඇදුමෙන්ද සැරසි මෙහෙයුම්වල යෙදුණු අතර පිරිමින් මෙන්ම කාන්තාවන්ද මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බවද කියයි.
0 Comments