Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් සභා රෝහල් රජයට පවරා නොගන්නා බව සුව ඇමැති කියයි.

 Minister_Rajitha_05

පළාත් සභා රෝහල් රැසක් රජයට පවරා ගන්නා ලෙසට යෝජනා ඉදිරිපත් වුවත්, එය ක්‍රියාත්මක නොකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි. නැගෙනහිර පළාත් සභාව ප්‍රථම වරට සංවිධානය කළ අන්තර්ජාතික ආයුර්වේද ප්‍රදර්ශණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

දේශීය වෛද්‍ය ක්‍රමය, යුනානි සහ සිද්ධි වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම අන්තර්ජාතික ප්‍රදර්ශණය පැවැත්විනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරුන්ගේ සමුළු වල දී පළාත් රෝහල් සේවා මුහුණ දෙන ගැටලු පිළිබද සාකච්ඡා කරනවා. රෝගී සත්කාරක සේවා සිදු කිරීමේ දී සියලු රෝහලක්ම සංවර්ධනය කළ යුතුයි. මන්ද ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගියා රෝහල මධ්‍යම රජයේ ද පළාත් සභාවේ ද කියා දන්නේ නැහැ. ඔවුන් එන්නේ ප්‍රතිකාර ලබාගැනීමටයි. අපි එම සේවාව ලබාදිය යුතුයි. බලය බෙදාහැරීම මගේ ප්‍රතිපත්තියයි. ඒ අනුව පළාත් සභා රෝහල් ද සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන පසුගිය වසර 03 තුල ම ලබාදී තිබෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමය නගා සිටුවීම සදහා පියවර රැසක් ගෙන තිබෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම තුලින් විශාල විදේශ විනිමයක් ලබාගත හැකි වෙනවා යැයි පැවසීය.
මෙහිදී දේශීය වෛද්‍ය ක්‍රමය නගා සිටුවීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් තීන්දු තීරණ අගය කරමින් නැගෙනහිර පළාත් සභාව විසින් සම්මානයක් ද පිරිනමන ලදි.
 

The post පළාත් සභා රෝහල් රජයට පවරා නොගන්නා බව සුව ඇමැති කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();