Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක එක්දින පිටියේ අපේ ස්ථානය තරගාවලිය අවසානයේ තීරණය වේවි

Author(s): 
ෆවුස් මොහොමඩ්
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සහ එංගලන්ත ක්‍රිකට් නායක ඉයන් මෝගන්. /ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්. ඡායාරූප - චමින්ද නිරෝෂන

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලබන 10 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය ගැන දැකබලා ගත හැකි වනු ඇතැයි පුහුණුකරු චන්දික හතුරුසිංහ කියයි.

ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මේ තරගාවලියට එක්වන්නේ මේ වනවිට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ නොම්මර එකේ කණ්ඩායම සමගය. එසේ වුවත් සිය කණ්ඩායම එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියට සූදානම් වූයේ සෙසු තරගාවලි සඳහා සූදානම් වන ආකාරයෙන්ම බව ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු කීවේය.

‘අපි අනිත් තරගාවලි සඳහා සූදානම් වන අයුරින්ම තමයි මේ තරගාවලියටත් සූදානම් වුණේ. අපි සතියකට කළින් පුහුණුවීම් පටන් ගත්තා. හැබැයි දඹුල්ලට යන්නේ වෙනදා යනවට වඩා දවසකට කළිනුයි. එහේ තණතීරුවෙත් පුහුණුවීම් කරන්න අවශ්‍යයි.’ තරගාවලිය පිළිබඳ පෙරේදා රාත්‍රී කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී හතුරුසිංහ එසේ කීවේය.

‘ඇත්ත. අපිට ආසියානු තරගාවලියේදි දස්කම් අතරට පිවිසෙන්න නොහැකිවුණා. බලාපොරොත්තු වුණු විදිහට ක්‍රීඩා කරන්න නොහැකිවුණා. එංගලන්ත තරගාවලිය අපිට විශාල අභියෝගයක්. නමුත් නොම්මර එකේ කණ්ඩායමක් සමග ක්‍රීඩා කිරීමෙන් අපි සිටින තැන දැනගත හැකියි. එය එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට එක්වන අපිට පැහැදිලි චිත්‍රයක් වේවි’. ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු පැවැසීය.

ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, එංගලන්ත පිලේ පුහුණුකරු ට්‍රෙවර් බේලිස්, නායක ඉයන් මෝගන්, තරගාවලියේ අනුග්‍රාහකත්වය දරන ජැට් හෝල්ඩිංග්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහත්වරු ද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();