Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්තාන අවසන් පූර්ව තරගය අද

ඉන්දියාව අවසන් තරගයට

අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දෙවැනි අවසන් පූර්ව තරගය අද ඩකා හිදී පැවැත්වේ.

මේ තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකාව මූලික වටයේ අපරාජිතයන් ලෙස අවසන් පූර්ව වටයට පිවිසි අතර ඇෆ්ගනිස්තානය ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිමින් ඉන්දියාවට පමණක් පරාජය වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය සමගින් අවසන් පූර්ව වටයට පිවිසියේය.

ඇෆ්ගනිස්තානය පසුගිය වසරේ ශූරතාව දිනාගත් කණ්ඩායම වන අතර එවර තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයෙන් ඉවතට විසිවී තිබිණි.

මේ අතර තරගාවලියේ ඊයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් සත්කාරක බංග්ලාදේශයට එරෙහිව ලකුණු 2ක තියුණු ජයක් සමගින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් ඉන්දීය පිල ලකුණු 173ක ඉලක්කයක් ලබාදුන් අතර එම ඉලක්කය හඹාගිය බංග්ලාදේශයට ඕවර 46.2කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 170ක් පමණි.

බංග්ලාදේශ පිළිතුරු ඉනිමේදී ලකුණු 65කට කඩුලු 5ක් බිඳ වැටී තිබියදී එක්වූ ශාමිම් හොසේන් සහ අක්බාර් අලි ලකුණු 74ක සබඳතාවක් ගොඩනගමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයාමට උත්සහ කළද එය ආසාර්ථක විණි.

පන්දු 81කට මුහුණදුන් ශමිම් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමග ලකුණු 59ක් රැස්කළ අතර අක්බාර් ලකුණු 45ක් රැස් කළේ පන්දු 63කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගිනි.

පන්දු යැවීමේදී මොහිත් ජංග්රා සහ සිද්ධාර්ත් දේසායි කඩුලු 3 බැගින් බිඳ දැමීමට සමත් වූහ.

යෂාස්වි ජිස්වාල් ලකුණු 37ක්, සමීර් චෞද්රි ලකුණු 36ක් සහ අනුජ රවාට් ලකුණු 35ක් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමට එක්කළ අතර පන්දු යැවීමේදී ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();