Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 10ක් පැරණි වාර්තාවක් දිනාරා බණ්ඩාර බිඳ හෙළයි

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා

කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ දෙවැනි දිනට පැවැති සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී වසර 10ක් පැරණි වාර්තාවක් දෙහිවල ඇලිතියා ජාත්‍යන්තර පාසලේ දිනාරා බණ්ඩාර දෑල බිඳ හෙලයි. 16න් පහළ බාලිකා මීටර් 100 ඉසව්ව තත්පර 12.65කින් නිමකළ දිනාරා බණ්ඩාර දෑල බිඳ හෙලනු ලැබූවේ වසර 2008දී මහනුවර මහමායා විදුහලේ අක්ෂනා මාකලන්ද තත්පර 12. 67කින් පිහිටුවා තිබූ වාර්තාවය.

මේ වාර්තාව පසුගිය වසරේ දියගම ක්‍රීඩාංගණයේ පැවැති සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේදී රාජගිරිය ගේට්වේ ජාතික පාසලේ සදීපා හෙන්ඩර්සන් තත්පර 12.67කින් සමකර තිබිණි.

ඊයේ පිහිටවූ නව තරග වාර්තා මෙසේය:

16න් පහළ බාලිකා කවපෙත්ත විසිකිරීම - ඩබ්.කේ.හේෂාණී මහේෂිකා කදාන සාන්ත සෙබස්තියන් විදුහල - මීටර් 38.98 (පැරණි වාර්තාව ඩබ්.කේ.හේෂාණී මහේෂිකා කදාන සාන්ත සෙබස්තියන් - මී. 34.58)

12න් පහළ බාලිකා දුර පැනීම - ශිහාරා සඳමිණි සිල්වා පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමය මීටර් 4.89 (පැරණි වාර්තාව ශිහාරා සඳමිණි සිල්වා පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමය මී. 4.55)

12න් පහළ බාලක උස පැනීම - ඔනෙත් සොනුතී කේරි විදුහල මීටර් 1.50 (පැරණි වාර්තාව පැහැසර තෙනූජ දික්වැල්ල විජිත ම.ම.වි. මී. 1.41)

16න් පහළ බාලිකා මීටර් 100 - දිනාරා බණ්ඩාර දෑල ඇලිතියා ජාත්‍යන්තර පාසල දෙහිවල තත්පර 12.65 (පැරණි වාර්තාව අක්ෂනා මාකලන්ද මහනුවර මහමායා විදුහල හා සදීපා හෙන්ඩර්සන් රාජගිරිය ගේට්වේ ජා. පා තත්. 12.67)

16න් පහළ බාලක මීටර් 100 - රස්නී අහමඩ් පොල්ගහවෙල අල් ඉර්ෂාන් මධ්‍ය ම. විදුහල තත්පර 11.16 (පැරණී වාර්තාව ෂෙහාන් ටී. රාජපක්ෂ සාන්ත බෙනඩික්ට් වි. තත්. 11.24)

14න් පහළ බාලිකා යගුලිය විසිකිරීම - කේ. කුරුකුලසූරිය කොළඹ බෞද්ධ කාන්තා විදුහල මීටර් 10. 05 (පැරණී වාර්තාව එල්. එස්. නතාලියා මීගමුව ආවේ මරියා කන්‍යාරාමය මී. 9. 52)

16න් පහළ බාලක කවපෙත්ත විසිකිරීම - රුමේෂ් තරංග සාන්ත පීතර් විදුහල මීටර් 55. 58 (පැරණි වාර්තාව අකලංක විජේසූරිය සාන්ත පීතර් වි. මී. 51. 18)

14න් පහළ බාලිකා දුර පැනීම - මිලනි රොමේෂිකා මීගමුව ආවේ මරියා කන්‍යාරාමය මීටර් 5. 07 (පැරණි වාර්තාව පී. ඩී. සෙව්වන්දි මාතර සුජාතා බාලිකා ම. වි. මී. 4.97)

18න් පහළ බාලක යගුලිය විසිකිරීම - එම්. අයි. එල්. බණ්ඩාර මහව විජයබා ජාතික පාසල මීටර් 15. 67 (පැරණි වාර්තාව මලින්ත් වෙත්තසිංහ දුම්මලදෙනිය සාන්ත රීටා වි. මී. 42. 72)

18න් පහළ බාලිකා මීටර් 100 - චෙල්සි මෙලනී බණ්ඩාරගේ බෙන්තර ගාමිණී මහා වි. තත් 12. 27 (පැරණි වාර්තාව ජී. ඊ. ඉමේෂා මාතර සාන්ත මේරී කන්‍යාරාමය තත්. 12.36)

පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද තෙවැනි දිනයේ අවසන් තරග 42ක් පැවැත්වීමට නියමිතය.

 ප්‍රින්ස් ගුණසේකර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();