Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළතුරු අතර සඟවා ඩුබායි යැවීමට තැත්කළ වටිනා දේ රේගු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත වල්ලාපට්ටා සහ සඳුන් අපනයනය කිරීමට දැරූ උත්සාහයක් ශ්‍රී ලංකා රේගුව ව්‍යර්ථ කර ඇත.
 
මඤ්ඤොක්කා, ගස්ලබු, තැඹිලි සහ අන්නාසි අතර සඟවා ඒවා අපනයනය කිරීමට සූදානම් වී තිබුණි.
 
වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 120ක් සහ සඳුන් කිලෝග්‍රෑම් 120ක් මෙම ද්‍රව්‍ය පැටවූ බහාලුමේ සගවා තිබූ අතර එහි වටිනාකම රුපියල් එක්කෝටි 25 ලක්ෂයකට අධික බව රේගුව ප්‍රකාශ කළේය.
 
එහි පැළෑටි නිරෝධායනයන අංශයේ නිලධාරීන්ගේ සහය ඇතිව, ඔරුගොඩවත්ත අපනයන බහාලුම් මධ්‍යස්ථානයේ තිබී අදාළ බහලුම පරීක්ෂාවට ලක් කර තිබෙ.
 
කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි අපනයනකරුවෙකු විසින් අදාළ බහාලුම ඩුබායි වෙත යැවීමට උත්සාහ කර ඇති බව වාර්තා වෙයි.
 
මෙම අනාවරණයත් සමඟ අපනයනකරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු රේගු භාරයට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කළේය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();