Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔන්ලයින් අයදුම්පත පුරවා අවසන් මන්ත්‍රීවරයන්

 
අගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරයන් 175 ආසන්න පිරිසක්, මේ වන විට සිය  තොරතුරු ඔන්ලයින් ක්‍රමයට (Online Registration System) පාර්ලිමේන්තුව වෙත ලබා දී අවසන් බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය පවසයි.
 
පාර්ලිමේන්තුව විසින් ප්‍රථම වතාවට හදුන්වා දුන් ඔන්ලයින් අයදුම් පත මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ දත්ත ලබා ගැනීම සාර්ථක බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
 
ලබන 20 වැනිදා පැවැත්වෙන මන්ත්‍රීවරයන් දිවුරුම් දීමේ අවස්ථාවට මෙම තොරතුරු අත්‍යාවශ්‍ය වන බැවින් අද (15) දිනයට පෙර අයදුම්පත පුරවා තොරතුරු පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස ධම්මික දසනායක මහතා මෙතෙක් තොරතුරු ලබා නොදුන් සියලු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියි.
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 11 වැනිදා අරලියගහ මන්දිරයේ දී සිය ධුරයේ වැඩ බාර ගැනීමෙන් සුළු මෙ‍ාහොතකට පසු පාර්ලිමේන්තුව විසින් සකස් කර ඇති ඔන්ලයින් අයදුම්පත පුරවා සිය ජීවදත්ත තොරතුරු පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය වෙත ලබා දීමත් සමඟ මෙම වැඩසටහන ආරම්භ විය.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();