Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රවීන්ද්‍ර විජේගුණරත්න මෙරටට පැමිණි විගස ප්‍රශ්න කිරීමට රහස් පොලීසියේ සූදානමක්.

Ravindra_Gunarathne

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නගේ විදෙස් සංචාරය නිම කර මෙරටට පැමිණි පසු ඔහුගෙන් ප්‍රශ්න කිරිමට සූදානම් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ ප්‍රකාශ කර තිබේ.  පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු අනාවරණය කර ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා මෙරට නියෝජනය කරමින් මෙක්සිකෝ රාජ්‍යය වෙත ගොස් ඇති බවත් ඔහු නැවත මෙරටට පැමිණි පසු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබා ගන්නා බවට ද මෙහිදී සඳහන් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 10 වනදා කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න එදිනම උදෑසන මෙක්සිකෝ රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබිණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා මෙලෙස විදෙස් ගත වී ඇත්තේ මෙක්සිකෝ ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගී වීමට බවත් ඔහුට මෙක්සිකෝ රජයෙන් එම උත්සවයට සහභාගී වන්නැයි මීට මාස 3කට පෙර ආරාධනා කර ඇති බවත් සඳහන් වේ.

කෙසේ වෙතත් එම උත්සවයට සහභාගීවීමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ලබන 19 වනදා මෙරටට පැමිණීමට නියමිත බවත් ඔහුට විදෙස් ගතවීමට අධිකරණය විසින් තහනම් කර නොතිබූ අතර ලංකාවට පැමිණි පසු යළිත් රහස් පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බවත් පැවසේ.

The post රවීන්ද්‍ර විජේගුණරත්න මෙරටට පැමිණි විගස ප්‍රශ්න කිරීමට රහස් පොලීසියේ සූදානමක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();